බදියුදීන් බිරිය, මාමණ්ඩිය, මස්සිනා සහ තැරැව්කරු තවත් පැය 48ක් තබා ගැනීමට අධිකරණයෙන් රැඳවුම් නියෝගයක්…

කීර්ති ප්‍රනාන්දු – 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද (24) පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිය , මාමණ්ඩිය සහ සහෝදරයා, සහ තැරැව්කරුවා යන සිව් දෙන තවත් පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේය.

ඒ අනුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිය පැය 48ක් කිරුලපන පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කිරුළන පොලිසිය කටයුතු කරනු ලබයි.

අනෙක් සැක කරුවන් තුන්දෙනා පැය 48ක කාලයක් බොරැල්ල පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

එසේම ඔවුන් 04 දෙනා ලබන මස 26 දින නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

Exit mobile version