සිකුරාදා, ජූලි 3, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බද්දකට වංගු ගසා ජාතියක් ආදාහනය කරන හැටි…

by editor
ජූනි 21, 2022
in පුවත්, සෞඛ්‍යය
Cancer-Risks-for-Cigarette-Smokers
Share on FacebookShare on Twitter

මේ මොහොත වනවිට  අධි උද්ධමනය   හාල් හුණ්ඩුවට ලූනු බිකටත්  බද්දක් සේ ක්‍රියාත්මක වෙමින් ඇත. මෑත ඉතිහාසයේ අප අත්දැක නැති ආකරයට රට හාමත් වී  තිබේ.  නිශ්පාදන ආර්ථිකය බිඳ වැටුණු මොහොතක ඩොලර් තබා රුපියල් ද නැත.  එහෙත් මේ සියල්ල සිදුවන්නේ අය කරගත හැකි ක්ෂේත්‍රවල බදු පැහැර හැරීමේ නින්දා සහගත වංචාව ආණ්ඩුව විසින් කර ඇති පසුබිමකය.

cigarette

උදාහරණය සිගරට් බද්දය. සිගරට්ටුවෙන් සාධාරණ බද්දක් බැසිල් රාජපක්ෂ 2022 සඳහා ඉදිරිපත් කළ අයවැයෙන්  අය කළේ නැත. එය සම්බන්ධව බරපතල විවේචනයක් රටතුළ මතුවූයේය. ඒ බද්දට වංගු ගැසීම පසුපස මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මුදල් ඇමතිවරයා ගැසූ ඩීල් එක්ක ගැනය.

නව අගමැතිවරයා දැන් මාසයකට වඩා පරණය.   මුදල් ඇමතිත් ඔහුය. අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බවට රටට පොරොන්දු වූ  අගමැතිවරයාගේ වගකීම මේ ඩීල් ගසා පැහැර හැරි බදු ක්ෂේත්‍ර විවර කර ජාතික ධනය කොල්ල කෑම වැළැක්වීමය.   එය කළ යුත්තේ  රටට ආර්ථික ප්‍රතිලාභයක් පමණක්  අපේක්ෂාවෙන් නොව, ඖෂධ හිඟයත් සමග ඇති වී ඇති බරපතල සෞඛ්‍ය ප්‍රශ්නය තවත් උග්‍ර කරන දුම් පානය මේ මොහොතේවත් පාලනය කර ගැනීම ජාතික වගකීමක් ලෙස මතු වී ඇති නිසාය.

  • ලෝක සෞඛ්‍ය සංවිධානය බදු වැඩි කරන්නට කියන්නේ ඇයි?

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව  දුම්කොළ බදු යනු  තරුණයින් සහ අඩු ආදායම්ලාභීන් අතර දුම්කොල භාවිතය අඩුකර ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත්  කිරීම සඳහාත්,      සෞඛ්‍ය සේවා පිරිවැය අඩු කිරීම සඳහාත් යොදා ගත හැකි  වඩාත්ම ලාභදායී ක්‍රමය ය.

RelatedPosts

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

දුම්කොළ බද්ද  බොහෝ රටවල ආදායම වැඩි කරයි.   දුම්කොළ මිල 10% කින් ඉහළ යාමෙන් ඉහළ ආදායම් ලබන රටවල දුම්කොළ පරිභෝජනය 4% කින් සහ අඩු වන බවත්  මධ්‍යම ආදායම් ලබන රටවල 5% කින්  අඩුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව   දුම්කොළ එහි භාවිතා කරන්නන්ගෙන් අඩක් පමණ මරා දමයි.

දුම්කොළ නිසා සෑම වසරකම ලෝ පුරා මිනිස්සු  මිලියන 8 කට වඩා මිය යති. එම මරණවලින් මිලියන 7කට වැඩි ප්‍රමාණයක් සෘජු දුම්කොළ භාවිතය නිසා සිදුවන මරණය. මිලියන 1.2ක් පමණ  අක්‍රීය දුම් පානය නිසා සිදුවන මරණය. ඒ අසරණයින් දුම් බොන්නේ නැත. උන් අසල සිට දුම්බොන්නන් නිසා ඒ මිනිස්සු සිය ජීවිතයෙන් වන්දි ගෙවති.

ලෝකයේ දුම්කොළ භාවිත කරන්නන් බිලියන 1.3 න් 80% කට වඩා ජීවත් වන්නේ අපේ රට වැනි  අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ය. අපට එය ප්‍රශ්නයක් වන්නේ එබැවිනි.

2020 දී, ගෝලීය ජනගහනයෙන් 22.3% ක් දුම්කොළ භාවිතා කළහ. ලෝකයේ  සියලුම පිරිමින්ගෙන් 36.7% ක් දුම් බොන්නන්ය.    ලෝකයේ කාන්තාවන්ගෙන් 7.8% ක් දුම් බොති. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ දුම්කොල විෂයෙහි සාධාරණ බද්දක් අය කිරීම රටේ ආර්ථිකයට දෙවදෑරම් ලෙස ඵලදායී වන බවය. එක් අංශයකින් ජාතික ආර්ථිකය බදු මුදලින් පෝෂණය වීමය.  අනෙක් පැත්තෙන් සෞඛ්‍ය පිරිවැය අඩු වීමය.

  • සිගරැට් නිසා සිදුවන සෞඛ්‍ය ව්‍යසනය

මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මේ සම්බන්ධව අප හා සංවාදයකට එක් වෙමින් දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්නේය. ඔහු කරන සංවාද සටහන පහත දැක්වේ.

  • “නිකොටින්” – Nicotine – තමයි අපට පළමුවෙන්ම හිතට එන්නෙ.

නමුත් ඔබ දන්නවාද සිගරට් බීම නැතුවම බැරි කරන, බොන සිගරට් ප්‍රමාණය වැඩි කරමින් ඇබ්බැහිකරවන, රසායන ද්‍රව්‍යයන් ඒකෙ තියෙන බව ?.  සිගරට් බොන්න පුරුදුවෙලා, ඒක නැතුවම බැරි විදියට ඇබ්බැහි වුණ අයට, සාමාන්‍ය විදියට ඉන්න ලේ වල එක්තරා මට්ටමකට ”නිකොටින් ” තියෙන්නම ඕනෙ. නැත්නම් කෑවෙ බිව්වේ නෑ වගේ. ”මූඩ්” එකත් ටිකක් ”අප්සෙට්” වගේ. නිකොටින් සුලු ප්‍රමාණයක්, මාත්‍රාවක් ගත්තාම මොළය ටිකක් කුල්මත් වෙනවා. උත්තේජනයක් ඇතිවෙනවා. නමුත් විශාල ප්‍රමාණයක් ගත්තාම මත්වීමක්, නිදිබර ගතියක් දැනෙනවා. මෙයින් ස්නායු සෛල අතර ක්‍රියාකාරිත්වය දුර්වල වෙලා, හදවතේ, රුධිර ධමනී සහ හෝමොනවල ක්‍රියාකාරිත්වය අඩපණ වෙලා, මාරක ප්‍රතිවිපාක අත්විඳින්න පුලුවන්. නිකොටින් ලේ වල අඩංගුවීමෙන් දුම්බොන්නා ”තැන්පත් – කූල්” මිනිහෙක් වගේ පෙනුනට, නොදැනීම ශරීරයට දරුණු හානියක්  සිදුවෙනවා.

  • සිගරට්වල ඇති පිළිකා කාරක විෂ රසායන 43

සිගරට් බොන-නොබොන කවුරුත් දැනගෙන හිටියාද සිගරට් දුමේ පිළිකා සෑදෙන විෂ රසායන ද්‍රව්‍ය 43ක් ඇතුලුව, 4000කට වැඩි විෂ රසායනික (carcinogens) ද්‍රව්‍ය අංශු රැසක් තිබෙන බව.

ඒ පිළිබඳ තොරතුරු ගැන අවධානය යොමු කරමු

තාර – මෙය දුම්බීම නිසා අප ශරීරයට ඇතුලුවන තහනම් අපද්‍රව්‍ය, අංශු කොටස්, සඳහා භාවිතා කරන පොදු වචනයක්. මෙම අපද්‍රව්‍යවල පිළිකා සෑදීමට හේතුවන පිළිකා කාරක වන කාසිනෝජන්ස් (carcinogens) ඇතුලු බොහෝ විෂ රසායන ද්‍රව්‍ය අඩංගුවෙයි. තාර ඇලෙන සුළු දෙයක්. එමගින් දත්වල, නියපොතුවල සහ  පෙනහලු පටකවල දුඹුරු වර්ණයෙන් පැල්ලම් ඇතිකරයි. තාර වල පිළිකා කාරක ”කාර්සිනොජන් benzo pyrene” වැඩියෙන් අඩංගු වෙනවා .

කාබන් මොනොක්සයිඩ් –Carbon Monoxide- මෙය ඔබේ ලේවල ඇති ඔක්සිජන් වායුවේ තැන උදුරාගන්නා කිසිම ගන්ධයක් නොමැති මරණීය වායුවක්. ඔක්සිජන් අංශු ඔබේ ශරීරය පුරාම ගෙනයන්නේ, සෑම රතු රුධිරානුවකම අඩංගුවන හිමොග්ලොබින් නැමති ප්‍රෝටීනය මගිනුයි. නමුත් කාබන් මොනොක්සයිඩ්, ඔක්සිජන් වඩා හොඳින් හිමොග්ලොබින් සමග බැ‍ඳෙනවා. මේ නිසා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ගෙනයාමට රතු රුධිර සෛල බොහෝ අවශ්‍ය වෙනවා. රතු රුධිර සෛල වැඩිවීම නිසාම රුධිරයේ ඝණත්වයත් වැඩිවෙයි. එයින් අදහස් කරන්නෙ, ශරීරයට ඔක්සිජන් වැඩියෙන් අවශ්‍යවන ව්‍යායාම කරන අවස්ථාවල, මොළයට, හෘදයවස්තුවට, මාංශ පේශී හා අනෙකුත් ශරීර අවයවයන්ට ප්‍රමාණවත් පමණින් ඔක්සිජන් ලැබෙන්නෙ නැහැ කියන එකයි.

හයිඩ්රජන් සයනයිඩ් – Hydrogen Cyanide –  පිටතින් ඇතුලුවන අපද්‍රව්‍ය රඳවාගෙන සුද්ද පවිත්‍ර කරන සිහින් කෙස් වැනි දෙයක් පෙනහලුවල තිබෙනවා. හයිඩ්රජන් සයනයිඩ් පෙනහලු පිරිසිදු කරන මෙම කාර්යාවලිය මැනවින් සිදුවීම නතර කරයි. ඒ කියන්නේ දුම්බීමේදී ඇතුලුවන විෂ සහිත රසායනික ද්‍රව්‍ය පෙනහලු තුළ තැන්පත්ව වර්ධනය විය හැකි බවයි. දුම්බීමෙන් පෙනහලු වලට හානි සිදුවන අනෙකුත් රසායන දුව්‍ය නම්, හයිඩ්රොකාබන් වර්ග, නයිට්රස් ඔක්සයිඩ් වර්ග, ඕගනික් අම්ල, කාබොලික් අම්ල හා ඔක්සිකාරකයි.

 cancer

ඔක්සිකාරක රසායන ද්‍රව්‍ය – Oxidizing Chemicals – ඉතාම ප්‍රචන්ඩ ලෙස (ත්‍රස්තවාදින් මෙන්) ප්‍රතික්‍රියා කරන මෙම රසායනික ද්‍රව්‍යයන් මගින් හදවතේ මාංශ පේශී හා රුධිර නාලවලට හානි සිදුවිය හැකියි. එම රසායන ද්‍රව්‍යයන් කොලෙස්ටරෝල් සමඟ සහයෝගයෙන් ක්‍රියාකර, රුධිර ධමනි නාලවල බිත්ති ඇතුළත මේද තට්ටු වර්ධනය කරයි. මේ නිසා හෘද රෝග, ”හාට් ඇටෑක්” (ආඝාතය) සහ රුධිර නාල රෝග ආදිය ඇතිවෙයි.

 ලෝහ – Metals- උරන සිගරට්ටුවක ආසනික්, කැඩ්මියම් සහ ඊයම් ඇතුළු භයානක ලෝහ වර්ග අඩංගු වෙයි. මෙම ලෝහ කිහිපයක්ම පිළිකාකාරක ලෝහයන්ය.

විකිරණශීලි සංයෝග – Radioactive Compounds- කාර්සිනෝජෙනික් වශයෙන් හඳුන්වනු ලබන, විකිරණශීලී පිළිකාකාරක සංයෝග සිගරට් දුමාරයේ අඩංගු වෙනවා.

සිගරට් එකක් බොන විට, පෙනහලු කරා ඇතුලුවන තාර ප්‍රමාණය වැඩිවෙයි. ඔබ දැනගත යුතුම දේ තමයි, සිගරට්ටුවක් උරන පළමු හුස්මේදී ඇතුල්වන තාර ප්‍රමාණයට, දෙගුණයකටත් වඩා වැඩි තාර ප්‍රමාණයක් අවසන් සිගරට් හුස්මේදී පෙනහැල්ලට ඇතුලුවන බව. සිගරට් බීමෙන් ඇතුලුවන රසායන ද්‍රව්‍ය බොහොමයක් පෙනහලු තුළම තැන්පත් වෙයි. මෙයින් හැ‍ඟෙන්නේ ඔබ වැඩි වැඩියෙන් සිගරට් බීමෙන්, පෙනහලුවලට සිදුවෙන හානිය ඉතාම වැඩිවන බවයි.

  • බද්දවත් වැඩි නොකර බලෙන් සිගරට් පොවන ආණ්ඩු

දැන් ඔබ තේරුම්ගත යුතු එකම දේ මෙපමණයි. දුම්පානය – සිගරට් බීම – ඔබේ ශරීරයේ හැම ඉන්ද්‍රියකටම අහිතකර ලෙස බලපානවා. දැන්වත් දුම්පානයෙන් මිදීමට, එය නැවැත්වීමට ප්‍රමාද වැඩි නැහැ.

කවුරුවත්ම අතින් අල්ලලා දුම්පානය නතර කරන්නේ නෑ කියලා ඔබට කියන්නේ නෑ.  වගකිවයුතු රජයක් විදිහට සිගරට් බදු මුදල් වැඩි කරලා සිගරැට්ටුවක් මිලදී ගන්න තියෙන පසුබිම අවම කරන්න වත් කටයුතු කරන්නේ නෑ .

මේ ගැන හොඳින් හිතන්න තමන්ගේ ජීවිතය තමන්ටත් වඩා තමන්ගේ සමීපතමයන්ට වටිනා බව පමණක් සිතට ගන්න.

(මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ සමග කළ සංවාදයක් ඇසුරිනි)

කියවන්න..

සිගරැට් බද්ද අන්තර්කාලීන අයවැයෙන් නිවැරදි වෙයි ද? – සිගරැට්ටුවකින් තීරණය වන ආණ්ඩුවේ අවංකකම!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද මන්ත්‍රි වෙන්න හිටි ධම්මික පෙරේරා තීරණය වෙනස් කරයි!

Next Post

රැකියා අහිමිවූ ශ්‍රමිකයින්ගේ දරුවන්ට නොමිලේ වෘත්තීය පුහුණු ප්‍රමුඛතාව

Related Posts

Wasantha-Karannagoda
පුවත්

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

ජූලි 3, 2026
පුවත්

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

ජූලි 3, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wasantha-Karannagoda

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

ජූලි 3, 2026

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

ජූලි 3, 2026
bus-fare- sri_lanka_buses

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!
  • මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…
  • එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.