පෝලන්ත විද්වතුන් හෙළිකරගත් කොවිඩ් වෛරසය මාරාන්තික කරන ජානය!

පෝලන්ත විද්‍යාඥයින් විසින් COVID-19 ආසාදිතවන පුද්ගලයන් දරුණු ලෙස රෝගාතුර වීමේ අවදානම දෙගුණයකටත් වඩා වැඩි කරන බව පවසන ජානයක්  සොයා ගැනීමට පෝලන්තයේ “බිආලිස්ටික් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ“ (  Bialystok University of Technology ) විද්වත් පර්යේක්ෂකයන් කණ්ඩායමක් සමත් වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

කොවිඩ් ආසාදිතවූ පසු  රෝගයෙන් වඩාත් අවදානමට ලක්වන  පුද්ගලයින් හඳුනා ගැනීමට මෙම සොයා ගැනීම   වෛද්‍ය වෘත්තිකයන්ට උපකාරී වනු ඇතැයි පර්යේෂකයෝ පවසති.

මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ ඉහළ කොරෝනා වයිරස් මරණ අනුපාතය පිටුපස ප්‍රධාන සාධකයක් වන්නේ එන්නත් කරණය පිළිබඳව පැවති දෙගිඩියාව බව පෙන්වා දෙන පර්යේෂකයන් වැඩිම අවදානමක් ඇති අය හඳුනා ගැනීමටත් ඔවුන්ව එන්නත්කරණය සඳහා යොමු කිරීමටත්,    ආසාදනයකදී වඩාත් දැඩි ප්‍රතිකාර විකල්ප සඳහා ප්‍රවේශය ලබා දීමටත් දැන් අවකාශය සැලසී ඇති බවය.


“වසර එකහමාරකට වැඩි කාලයක් කළ පර්යේෂණවලින් පසු කොවිඩ් වෛරසයෙන්   බරපතල ලෙස රෝගාතුර  විමේ නැඹුරුතාවයක් ඇතිකරවන   ජානයක් හඳුනා ගැනීමට හැකි වුණා..,”  පෝලන්ත  සෞඛ්‍ය අමාත්‍ය ඇඩම් නීඩ්සියෙල්ස්කි රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි.

“මෙයින් අදහස් කරන්නේ අනාගතයේදී අපට COVID වලින් බරපතල ලෙස පීඩා විඳීමට නැඹුරුතාවයක් ඇති පුද්ගලයින් හඳුනා ගැනීමට හැකි වනු ඇති බවයි.”

ඔහු කීවේය.

බිආලිස්ටික්  තාක්ෂණික  විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ, වයස, බර සහ ස්ත්‍රී පුරුෂ භාවයෙන් පසු පුද්ගලයෙකු කොවිඩ්-19 රෝගයෙන් කෙතරම් බරපතල ලෙස පීඩා විඳින්නේද යන්න තීරණය කරන සිව්වන වැදගත්ම සාධකය මෙම ජානය බවය.

මෙම ජානය පෝලන්ත ජනගහනයෙන් 14% ක් පමණ වන අතර, සමස්ත යුරෝපයේ 8-9% සහ ඉන්දියාවේ 27% ට සාපේක්ෂව, ව්‍යාපෘතිය භාර මහාචාර්ය Marcin Moniuszko පැවසීය.

COVID-19 කෙතරම් බරපතල ලෙස වර්ධනය වන්නේද යන්න සම්බන්ධයෙන් ජානමය සාධකවල වැදගත්කම වෙනත් අධ්‍යයනයන් මගින් දී පෙන්වා දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නොවැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පැවසුවේ COVID-19 මගින් පෙනහළු අකර්මණ්‍ය වීමේ අවදානම දෙගුණයක් කරවන  ජානයක් තමන් හඳුනාගෙන ඇති බවයි.

Exit mobile version