පෝට් සිටි පනතට පක්ෂ වූ රිෂාද්ගේ මන්ත්‍රීලා දෙදෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

rishad badiyudeen

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්මත කරගැනීමේ ඡන්දයේදී ඊට පක්ෂව ඡන්දය දුන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් යන දෙදෙනාගේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් එම පක්ෂයේ නායකත්වය දරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයේ රදවා සිටියි.

Exit mobile version