පොලොන්නරුවේ ලංකාතිලක පිළිම ගෙයට අකුණක් වදී!

ගෙඩිගේ සම්ප්‍රදායට පොලොන්නරුවේ ඉදිවූ නිර්මාණය කළ දැවාන්ත ප්‍රතිමා ගෘහය - ලංකාරාමය.

මධ්‍යකාලීන ඉතිහාසයේ සුවිශේෂ  වාස්තු සලකුණක් වූ පොලොන්නරුවේ ලංකාතිලක විහාරයට ඊයේ රාත්‍රියේ අකුණක් වැදී ඇති බව පුරාවිද්‍යා ආරංචි මාර්ග පවසයි.

ඊයේ සවස ඇති වූ ධාරාණිපාත වර්ෂාවත් සමග රෑ 7ට පමණ මෙම අකුණ ප්‍රතිමා ගෘහයට වැදී තිබේ.

අකුණ වැදී පුරාණ බිත්තියේ කැබලි විසිරී තිබූ ආකාරය….

ප්‍රතිමාවහන්සේ සම්බන්ධ වී ඇති ප්‍රතිමා ගෘහයේ පසුපස බිත්තියට මෙම අකුණු ප්‍රහාරය එල්ල වී ඇත. පුරාණ බිත්තියේ අඩි දෙකක පමණ කොටසක් පිපිරී ගැලවී ගොස් ඇති බව නිරීක්ෂණයන්ගෙන් තහවුරු වී තිබේ.


ප්‍රතිමාවට යම් හානියක් වී ඇති දැයි තහවුරු කර සොයා බැලීමට කටයුතු කරන බව පුරාවිද්‍යා ආරංචි මාර්ග කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලොන්නරුවේ වැසියන් පවසන්නේ මෙවැනි සිදුවීමක් දශක ගණනක් තුළ වාර්තා නොවූ බවය.

Exit mobile version