පොලිස් නිල සුනඛ රොමා සහ ජොනී ගේ ඩෙංගු මදුරු මෙහෙයුම!

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගේ අදහසකට අනුව මදුරු කීටයන් සොයා ගැනීමේ ක්‍රමවේදයකට මහනුවර නිල සුනඛ කොට්ඨාසයේ රොමා සහ ජොනී සුනඛයින් දෙදෙනා පුහුණු කරමින් සිටින බව මහනුවර නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල ලංකාසරට පැවසීය.

රොමා සහ ජොනී අපරාධ පරීක්ෂණ කටයුතුවලදී ඉදිරියෙන්ම ඉන්න සුනඛයින් දෙදෙනෙකි. මෙම සුනඛයින් දෙදෙනා ඉව සම්බන්ධයෙන් සෙසු සුනඛයින්ට වඩා දක්ෂතා දක්වා ඇති ඉතිහාසයක් තිබේ.
රොමාගේ සහ ජොනීගේ මවු පියන් ඉන්නේ නෙදර්ලන්තයේය. මේ සුනඛයින් දෙදෙනා විශේෂ පුහුණුව සඳහාම නෙදර්ලන්තයෙන් ගෙන්වා ගත් දෙදෙනෙකි.

ROMA & JONY 11
රොමා සහ ජෙනී

මේ වනවිට අපාරධ රාජකාරියෙන් මුදවා ඩෙංගු කීටයින් සොයා ගැනීම පුහුණු කරවන මෙම නිල සුනඛ යුවලට දැන් මදුරු කීටයන් සිටින ස්ථාන සොයාගත හැකි බව නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරයා කියයි.

“ තවම පුහුණුව ලබා දෙන්නේ නිල සුනඛ කොට්ඨාසය හා ඒ ආශ්‍රිත ඉඩේ විතරයි. මේ පුහුණුවේ අරමුණ අපට ලඟාවිය නොහැකි ස්ථානවල හෝ ඇහැට නොපෙනෙන තැන්වල ඩෙංගු මුදුරු කීටයන් ඉන්නවා ද කියලා හොයන එක. තවම ඩෙංගු මදුරු කීටයන් සෙවීම ඉලක්කය දක්වාම පුහුණුව තියුණු කරලා නෑ. අවසන් ඉලක්කය එයයි. ඒ ඉලක්කයට එන්න තව ටික කාලයක් යාවී.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල වැඩිදුරටත් පවසයි.


Exit mobile version