දේශබන්දුලා මහනුවර දී කී දේ සර්ව ආගමික නායකයන්ගේ විවේචනයට

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු  උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මහනුවරදී මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් හෙළා දකිමින් සර්ව ආගමික නායකයින් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ප්‍රකාහය කර තිබුණේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම පිළිබඳ ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් කණ්ඩායම ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශයේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන ජාතිවාදී සහ ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ පහත් අරමුණක් ගැබ්වී ඇතැයි ආගමික නායකයෝ සිය නිවේදනයේ සඳහන් කර ඇත.


Exit mobile version