පොලිස් ඇමති කාදිනල් තුමාට උත්තර දෙයි!. තොරතුරු ඇතිනම් මාධ්‍යයට පෙර පොලිසියට දෙන්න!

මේක රජය අපහසුතාවයට පත් කිරීම සඳහා කළ කුමන්ත්‍රණයක්....

තොරතුරු තිබෙනවා නම් කළ යුත්තේ මාධ්‍යයට සාකච්ඡා පවත්වා මාධ්‍යයට ලබා දීම නොව පොලිසියට ඒ තොරුතුරු ලබා දීම බවත්,  මේ සිදුවෙමින් ඇත්තේ රජය සහ පොලිසිය  අපකීර්තියට පත්කිරීමේ කුමන්ත්‍රණයක් බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති  සරත් වීරසේකර අද (14) ප්‍රකාශ කළේය.

පසුගිය 11 වැනිදා බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බයක් තැබීම පිළිබඳ සිද්ධිය අරභයා කොළඹ අගරදගුරු  මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් විසින්  ඊයේ (13) සවස පුවත්පත් සාකච්ඡාවක් පවත්වා කළ හෙළදරව්වට පිළිතුර දෙමින්  මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා    මේ බව ප්‍රකාශ කළේ මීරිගම නුංගමුව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඔහු පැවසුවේ සියලු කාරණා නිර්නය කිරීමෙන් අනතුරුව  පොලිසිය විසින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම වැරදි යැයි යමෙක් පවසන්නේ නම් එය අතිශය වැරදි සහගත බවය.


ඇපලෝ රොහලේත් මෙවැනි සිද්ධියක් සිදුවූ බවත් බෝම්බය තැබූ පුද්ගලයාම පැමිණිලි කළ බවත් කී අමාත්‍යවරයා මෙම දෙවස්ථානයේ සිදුවී ඇත්තේ ද ඊට හැම අතින්ම සමාන සිද්ධියක් බව කීවේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

ඇපලෝ   රෝහලේත්  මේ වගේ සිද්ධියක් වුනා. බෝම්බය තියපු පුද්ගලයම තමයි  රෝහල් අධිකාරියට ඒ ගැන  වාර්තා කළේ.

මෙතනත් බෝම්බය තිබ්බ කෙනාම තමයි පියතුමාට මේ බෝම්බය ගැන වාර්තා කළේ. පියතුමන් පොලිසියට වාර්තා කළා. පොලිසියට වාර්තා කිරීමත් සමග තමයි පොලිසිය ඇවිත් හතර දෙනෙක්ව අත්අඩංගුවට ගත්තෙ. එතන හිටියා අවුරුදු  14ක ළමයෙක්. ඒ ළමයා  මහේස්ත්‍රාත් ඉදිරියෙයි සාක්ෂි දුන්නේ.

මෙතන හිටියා මුණි කියලා දෙමළ ජාතිකයෙක්.  ඔහු මේ බෝම්බය අඩංගු මල්ල දුන්නා කියලා කියනවා. ඔහු එය පිළිගන්නවා.  බෝම්බය අඩංගු මල්ල අරන් මම තමයි අල්තාරය උඩින් තිබ්බෙ කියලා පිළිගන්නවා.  බෝම්බයට හයිකරලා තියන පින් එක ගලවලා වටේට ගිනිකූරු දාලා, රබර් පටියක් දාලා හඳුන් කූරක් පත්තුකරලා තියනවා. හඳුන්කූර පත්තුවෙලා ඉවරවෙනකොට බෝම්බය පත්තුවෙන විදිහට.

ඒ පුද්ගලයගෙ පල්ලියෙ කාමරයට ගිහින් බලනකොට පේනවා එතන තියනවා ගිනිකූරු තියනවා. ගිනිපෙට්ටිවල ගිනිකූරු අඩුයි 15ක් විතර. හඳුන් කූරු තියනවා.  ටේප් තියනවා. ඒක තමයි ඔහුව අත්ඩඅඩංගුවට ගත්තෙ. ඒ අත්අඩංගුවට ගැනීම වැරදියි කියනවානම් කවුරුහරි ඒක ඉතාම වැරදි ප්‍රකාශයක්…“

“කවුරුහරි  නොන්ඩි ගහන පුද්ගලයෙක් ඉන්නවා නම් එයාවත් හොයනවා.  එකම දේ තියෙන්නේ මේ වගේ තොරතුරු තියනවා නම් පල්ලියෙ ඉන්න පියතුමන්ලගෙ වගකීම තමයි ඒක පොලිසියට භාර දෙන එක. නැතිව ඒක මාධ්‍යයට දුන්නට පස්සෙ ඒකෙ ඉන්න පුද්ගලයන්ට පුලුවන් හැංගිලා ඉන්න. අපිට හොයන්න හම්බවෙන්නෙ නෑ“

“ඇපලෝ එකේ බෝම්බෙ තිබ්බ කෙනයි මේකෙ බෝම්බෙ තිබ්බ කෙනයි පිටුපස්සෙ ඉන්න මහමොළකාරයා හොයන්න අවශ්‍යයයි . ඇත්ත වශයෙන්ම මේක සම්පූර්ණයෙන්ම රජයට සහ පොලිසියට  අපකීර්තිමත් තත්වයක් ඇති කරන්න හදපු කුමන්ත්‍රණයක් හැටියට අපි දකින්නේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිරු පුවත් සේයය මේ ප්‍රකාශය වාර්තා කර තිබුණේ මේසේය.

Exit mobile version