පොඩිලැසීගේ ජීවිත ආරක්ෂාව නීතිපති තහවුරු කරයි

podi lasi

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුමේ පසුවන පාතාල කල්ලි සාමාජිකයකු වන ජනිත් මධුශංක හෙවත් “පොඩි ලැසී” ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දෙන බව නීතිපතිවරයා අද (20) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
පොඩි ලැසී නමැත්තා විසින් තම ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට යොමු කරන ලද විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවනු ලැබුණේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් හමුවේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු මීට පෙර වෙනත් පොලිස් ඒකක වෙත මාරු කිරීමෙන් පසුව විමර්ශන සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේ දී ඇති වූ ගැටුම්වලින් ඔවුන් මියගොස් තිබූ බව පොලීසිය විසින් සඳහන් කර තිබුණේ යැයි පැවසූ පොඩි ලැසි වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතීඥයා ඔහුට ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය..
තම සේවාදායකයාට ද යම් අනතුරක් මේ අනුව සිදුවේ යයි බියක් මතු වී බැවින් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Exit mobile version