පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අන්තර්ජාතික තලයේ විශේෂිත පහසුකම් දෙහිවල සත්වෝද්‍යාන අර්බුදයේ දී මග හැරලා…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



සතුන්ගේ පීසීආර් පරික්ෂණයන් සිදු කිරීමට පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය තුළ සියලුම පහසුකම් තිබියදී මිනිසුන්ගේ පීසීආර් පරික්ෂණයන් සිදුකරන රසායනාගාරයන්වෙත සතුන්ගේ පීසීආර් නියැදි ලබා දීම ගැටලුවක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ මහ ලේකම් වෛද්‍ය සුගත් ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි.

මිනිසුන්ගේ සෙමපටල සාම්පල සමග සතුන්ගේ සෙමපටල සාම්පලයන් එක්වර පරික්ෂණය සඳහා යොමු කිරීමේදී යම් යම් ගැටලු මතුවිය හැකි බවත් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ රසායනාගාරයන් තුළ සතුන්ගේ නියැදි පමණක් පරික්ෂණයන්ට ලක් කරන බැවින් එවැනි ගැටලු මතු නොවන බවත් ඔහු පෙන්වාදේ.

කෙසේ නමුත් දෙහිවල සත්ත්වෝද්‍යානයේ තෝර් සිංහයාගේ සාම්පල රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍රජීවී අංශයට යොමු කළද ඉන් ලැබුණු පිළිතුර තවදුරටත් පැහැදිලි කරගැනීම සදහා සතුන් සදහාම වෙන් වූ පේරාදෙණිය පශු වෛද්‍ය රසායනාගාරය වෙත යැවීමට කටයුතු කරන්නැයි ඉල්ලිමක් කළ බවද වෛද්‍ය ප්‍රේමචන්ද්‍ර සඳහන් කරයි‍

මේ වන විට පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයෙන් විදේශ රටවල් ගණනාවකට දැනුම ලබා දෙමින් සිටින බවද හෙතෙම පැවසීය..

Exit mobile version