පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට

පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට තිබේ.

අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමියන් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අද (08) උදෑසන කොටුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුරදී උන්වහන්සේ කොටුව පොලිස් ස්ථානයේ ජීප් රථයට පහරදී අලාභයක් සිදුකර ඇති බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සිදුවීම සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Exit mobile version