පුනරුත්ථාපිත එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දාන එල්.ටී.ටී.ඊ කොන්දේසි

මාවෙයි සේනාධිරාජා යාපනේදී හෙළි කරයි.

දිනසේන රතුගමගේ –

උතුරේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ සහය ලබා ගැනීමට උත්සහ කරණ නමුත් ඔවුන් විසින් ඉදිරිපත් කරන එල්.ටී.ටී.ඊය අනුගමනය කළ ප්‍රතිපත්තිවලට අදාල කොන්දේසිවලට යටත්ව ඔවුන්ගේ සහාය ලබා ගැනීමට දෙමළ ජාතික සන්ධානයට   අවශ්‍යතාවයක් නොමැති බවත් මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා  පැවසීය.

යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී හා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා තවදුරටත් කියා සිටියේ පුනරුත්ථාපනය වූ එල්.ටී,ටී.ඊ සාමාජිකයින් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ වලට සහය ලබාදීම සඳහා විවිධ කොන්දේසි පනවන බවයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අවශ්‍ය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය කැපවීමෙන් යුතුව කටයුතු කරණ නමුත් එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් අනුගමනය කරණ ලද ප්‍රතිපත්තීන් ඒ සදහා අනුගමනය කිරීමට දෙමළ ජාතික සන්ධානයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.


දෙමළ ජාතික සන්ධානයට එවැනි කොන්දේසි වලට යටත් වී දේශපාලන කටයුතු සදහා ඔවුන්ගේ සහය ලබා ගැනීමට අවශ්‍ය නොමැති බව කී මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා ඔවුන් කොන්දේසී විරහිතව පැමිණ සහය දක්වන්නේ නම් ඒ පිළිබදව සිතා තීරණයක් ගත හැකි බවද සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහමැතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ළගදීම එළිදක්වන බව කී ඔහු එහි මේ සියලුම කරුණු අඩංගු කිරීමට සූදානමින් සිටින බවද කියා සිටියේය.

 

Exit mobile version