පුද්ගලයන් දෙදෙනෙකුට ඇණ ගැසූ වධකයන් දෙදෙනෙක් කොටු..

පසුගිය 26 දා පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කඳු මුදුනකට රැගෙන ගොස් කොටයකට තබා ඔවුන් දෙදෙනාගේ දෙයත් වලට පරාල ඇණ ගසා අමානුෂික ලෙස වධ හිංසා කළ බව කියන දුෂ්මන්ත නැමැති කපුවා සම්බන්ධව පරීක්ෂණ අරඹා ඇති විශේෂ පොලිස් කණ්ඩායම් 05ක් ගාල්තැන්න ප්‍රදේශයේ දී සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් සොයාගත් බව විශේෂ ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

ඊයේ  වනවිට ඇණ ගැසූ පුද්ගලයන් කඳු මුදුන වෙත පැහැරගෙන ගිය වෑන් රථය හා එය කෙංගල්ල ප්‍රදේශයේ ගරාජයක් වෙත රැගෙන ගිය පුද්ගලයා පල්ලෙකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.  අත්අඩංගුවට ගත් සැකකරු විසින් ලබා දුන් තොරතුරු අනුව කළ විමර්ශනවලදී මෙම වධකයින් දෙදෙනා සොයාගෙන තිබේ.

 

පුද්ගලයන්ට ඇණ ගසා වධයට පත් කළ බව කියන කපුවා

මේ අතර ඇණ ගැසීමට ලක් වූ පුද්ගලයින් මේ වනවිට දැඩි අධීක්ෂණය යටතේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් ඔවුන් ක්‍රමයෙන් යහපත් තත්වයට පත්වෙමින් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.


ඇණ ගසා වධයට ලක් කළ පුද්ගලයන් දෙදෙනා..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධියක් සම්බන්ධ කපුවා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවත් වාර්තා වේ. ඔහු ඇතුළු දස දෙනෙකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට මහනුවර හා බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

Exit mobile version