පුතා එවූ කෝටි දෙකක් සල්ලි යාපනේ වැසියන්ට බෙදමින් සිටි පියා අත්අඩංගුවට

දිනසේන රතුගමගේ

යාපනයේ උඩුප්පිඩි වදිරියන් පාරේ නිවසකදී රුපියල් කෝටි දෙකක මුදලක් පළාතේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි පුද්ගලයින් තුන් දෙනෙකු නෙල්ලි අඩි පොලීසිය විසින් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත ඊයේ ( 6) දා අත් අඩංගුවට ගෙන තිබේ.

විදේශ රටක සිටින පුතෙකු විසින් තම පියාට රුපියල් කෝටි දෙකක මුදලක් එවා මේ දිනවල අසරණ තත්ත්වයට පත්ව සිටින පවුල් වලට එම මුදල එක් අයෙකුට රුපියල් 2000 බැගින් ලබා දෙන මෙන් දැනුම් දී තිබේ.


වයෝවෘද්ධ පියා පවුලේ තවත් දෙදෙනෙකු සමග එම මුදල බෙදා දීම ආරම්භ කළ විට ආරංචිය ලද යාපනයේ වැසියෝ දෙදහසකට වැඩි පිරිසක් පැමිණ දිගු පෝලිමක සිට මුදල් ලබා ගැනීමට පටන් ගෙන තිබේ.

එසේ පැමිණි පිරිසෙන් විශාල පිරිසක් මුව ආවරණ පවා පැළද සිට නොමැති අතර නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන මොහොතක නිරෝධායන නීති උල්ලංඝණය කරමින් විශාල ජනකායක් එක් ස්ථානයකට රැස් කිරීමේ චෝදනාව මත වයෝවෘද්ධ පියා හා ඥාතීන් දෙදෙනා අත් අඩංගුවට ගෙන පොලීසිය වෙත රැගෙන ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ වන විට රුපියල් 2000 බැගින් පුද්ගලයින් 500 දෙනෙකු පමණ ලබා ගෙන සිටි අතර ඉතිරි පිරිස පොලීසිය විසින් අවවාද කොට පලවා හැර තිබේ.

Exit mobile version