පුත්තලම නගරසභා සභාපති කේ.ඒ.බායිස් හදිසි අනතුරකින් මිය යයි…

K-A-BAYIS

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුත්තලම නගරසභාවේ වත්මන් සභාපති හා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වූ කේ.ඒ.බායිස් හදිසි අනතුරකට ලක් වීමෙන් අද ( 23) සවස මියගොස් ඇතැයි පුත්තලම රෝහල් පොලීසිය පවසයි.

වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි සභාපතිවරයාට අයත් ඉඩමක සිටියදී මෙම හදිසි අනතුරට ලක් වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරට පත් සභාපතිවරයා අසාධ්‍ය තත්වයෙන් යුතුව ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට රැගෙන යමින් සිටිය දී මියගොස් ඇතැයි වාර්තාවේ.

මේ වනවිට මෘතශරීරය පුත්තලම රෝහලේ තැන්පත් කර තිබේ..

Exit mobile version