පී.සී.ආර්. නෙගටිව් නම් දැනුම් දීම එසැණින්… දුරකථනයට කෙටි පණිවිඩයක්…

නතාෂා නෙත්මිණි –                                                        

පීසීආර් වාර්තා රසායනාගාර විශේෂඥ වෛද්‍යවරයෙක් තහවුරු කළ සැනින් අදාල  ප්‍රතිපලය එස්එම්එස් පණිවිඩයක් මගින් අදාල රෝගියාට දැනුම් දීමේ විශේෂ පරිඝණක දත්ත පද්ධතියක්  සෞඛ්‍ය අමාත්‍යංශය අද  (10) සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා)  වෛද්‍ය සමන් රත්නායක සඳහන් කරයි.

“සුපරික්ෂා ” නමින් හදුන්වන මෙම පරිඝණක දත්ත පද්ධය මගින් යම් පුද්ගලයෙකුගේ  ආසාදිතයෙකු නොවනනේ නම් ඒ බව ක්ෂණයකින් එස්එම්එස් පනිව්ඩයක් මගින් අදලා පුද්ගලයාගේ ජංගම දුරකථනය වෙත දැනුම් දෙනු ලබන බව  වෛද්‍ය සමන් රත්නායක  සඳහන් කරයි.

ඔහු යම් හෙයකින් ආසාදිතයෙකු වන්නේ නම් ඒ බව ඔහු දැනුම් නොදිමටත් වෙනත් ක්‍රමවේදයක් මගින් ඔහුව ප්‍රතිකාර සදහා යොමු කිරීමටත් කටයුතු කරන බව වෛද්‍ය රත්නායක පවසා සිටියි.


පීසීආර් වාර්තා  පුද්ගලයෙකු අතට පත්වීමට දින කීපයක්ගත වුවද මෙම “සුපරික්ෂා” වැඩ පිළිවෙල මගින් එසේ දින ගණන් ගත නොවී ඉක්මනින්ම එම පුද්ගලයා ආසාදිතයෙකු නොවන බව වටහා ගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආසාදිතයෙකු නොවන පුද්ගලයෙකුට හැකි ඉක්මනින් තමන්ගේ දෛනික කටයුතුවල නියැලීමේ හැකියාව මේ අනුව ඔහුට හිමිවනු ලැබේ.

 

Exit mobile version