පිළියන්දල SOS ළමා ගම්මානයේ දරුවන් 50කට කොවිඩ් පොසිටිව්….

කීර්ති ප්‍රනාන්දු – 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිළියන්ද එස්.ඕ.එස් ළමා ගම්මානයේ දරුවන් 50කට වැඩි පරිසකට හා කාර්ය මණ්ඩලය ඇතුළු 91 දෙනෙකුට කොවිඩ් ආසාදිතව ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නිවේදනය කරයි.

ආසාදිතයන් අතර ළමා ගම්මානයේ අධ්‍යක්ෂවරයා හා සහකාර අධ්‍යක්ෂවරයාත් වෙති.
මේ වනවිට ගම්මාන පරිශ්‍රයට බාහිර පුද්ගලයින් සහ අමුත්තන් ඇතුළුවීම තහනම් කර තිබේ.

දරුවන් ඇතුළු සමස්ථ කණ්ඩායමට එම ස්ථානයේම රඳවා නිරෝධායනය කර ප්‍රතිකාර පවත්වාගෙන යන බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Exit mobile version