පිටතින් පැමිණි කැලෑ පාලුවන් නිසා සූරියවැව වන අලි වියරු වෙති… පැය 12කට වන අලි ප්‍රහාරයෙන් මරණ 02 යි! 

ලුණුගම්වෙරෙ පදිංචි 57 හැවිරිදි හේවා කෝපරගේ විමලසේන මරා දැමූ ස්ථානය...

සූරියවැව නුවන් ජයසේකර – 

සූරියවැව වැවේගමදි සහ සූරියවැව වැලිවැවදී පුද්ගලයන් දෙදෙනෙකු වන අලි ප්‍රහාර වලින් ඊයේ ( 31 ) මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පහළ මත්තල, ලුණුගම්වෙහෙර පදිංචි 57 හැවිරිදි හේවා කෝපරගේ විමලසේන නැමති අය හා සූරියවැව මීගහජදුර පදිංචි 65 හැවිරිදි ඈපෑ ජයවර්ධනගේ ජයදාස නැමති අයයි.

පළමු වන අලි පහරදීම සිදුව තිබුණේ 31 වන දින පෙරවරු 10ට පමණ  සූරියවැව වැවේගම ජයසේකර වැව අසලදිය. 

මියගිය පහළ මත්තල, ලුණුගම්වෙර ලිපිනයේ පදිංචි 57 හැවිරිදි හේවා කෝපරගේ විමලසේන නැමති අය තවත් පුද්ගලයෙකු සමග පැමිණ වැවේගම රක්ෂිත ප්‍රදේශය තුළ හේනක් සෑදීමට කැලය කපමින් සිටින අවස්ථාවේ ඔහු මෙම වන අලි ප්‍රහාරයට ගොදුරු වි තිබේ. ඔහු සමග සිටි අනිත් පුද්ගලයා දිවි බේරාගෙන ඇත.


ලුණුගම්වෙරෙ හේවා කෝපරගේවිමලසේනව මරා දැමූ වන අලියා ඒ අසල රැඳී සිටින ආකාරය…

පැය දෙකකට ආසන්න කාලයක් වන අලියා මියගිය පුද්ගලයා ආසන්නයේ රැදී සිටීම හේතුවෙන් වනජීවි නිළධාරීන්  කැඳවා දේහය පිළිබඳ හදිසි මරණ පරික්ෂණය පවත්වා දේහය කැලයෙන් එළියට ගැනිමට මහත් පරිශ්‍රමයක් දැරීමට පොලිසියට සිදුවීය.

මෙම වන අලි ප්‍රහාරය සිදුව පැය 12ක් යන්නත් මත්තෙන් දෙවන වන අලි ප්‍රහාරය සිදු වුයේ සවස 06.30ට පමණ සූරියවැව මීගහජදුර වැලිවැව ප්‍රදේශයේදීය. සවස 05ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු ගවයින් බැලීමට වැලිවැව රක්ෂිතය තුළට ගොස් සිටි අවස්ථාවේ වන අලියා එනු දැක දෙදෙනාම අසල වු ගසක තිබූ පැලකට නැග තිබේ. එම අවස්ථාවේ වන අලියා ගස සොලවා පෙරළා දමා ඇති අතර එහිදී බිමට වැටුණු එක් පුද්ගලයෙකු දිව යන අවස්ථාවේ ඔහු පසු පස හඹා ගොස් ඔහුව මරා දමා ඇත. අනෙක් පුද්ගලයා ගසට යටවීමෙන් තුවාල ලබා දිවි බේරාගෙන තිබේ.

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ ප්‍රදේශයේ වන අලින්ට ජිවත් විමට ඇති කැලෑ විවිධ පුද්ගලයන් දේශපාලන හිතවත්කම් මත මහා පරිමාණයෙන් හෙළි කර තිබිම නිසා වන අලි වියරුවෙන් සිටින බවයි.

බොහොමයක් කැලෑ ඉඩම් හෙළි කර මහා පරිමාණ වගා සිදුකරන්නේ පිටතින් පැමිණ සිටින පිරිස් බවත් මේ හේතුවෙන් ගම්වැසියන්ට දර කැබැල්ලක් කඩා ගැනීමට තියා නිවෙස් වල සිටීමටද නොහැකි තරම් වන අලි කරදරය උග්‍ර වී ඇති බව ජනතාව පවසති

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.ඔවුන් ඉල්ලා සිටින්නේ අනවසරයෙන් කැලෑ හෙළි කරන පුද්ගලයන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසටය.

Exit mobile version