පෑලියගොඩ “මාළු මාර්කට්“ එක වසා දමයි… 49කට කොවිඩ් ආසාදනය වෙලා..

අහඹු ලෙස කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ සීයකින් ආසාදිතයන් 49ක් සොයා ගැනීමත් සමග පෑලිය ගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද   (21) වසා දැම්මේය.

වසංගත රෝග විද්‍යා අංශය කළ දැනුම් දීමකින් පසු මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව  අහඹු ලෙස මෙම නියැදිය තෝරාගෙන තිබේ. මේ නියැදිය ලබාගෙන තිබුණේ දිවයිනේ විවිධ ප්‍රදේශවල හමුවූ ආසාදිතන් කීප දෙනෙක් ගේ සංචරණයන් පරීක්ෂාවේ දී ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට පැමිණ ඇති බව හෙළි වීමත් සමගය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මුළු මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේම වෙළෙන්දන් හා සැක සහිත ආශ්‍රිතයන් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමට සැලසුම් කර ඇතැයි කැළණිය  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වාර්තා කළේය.


Exit mobile version