පෑන් පැන්සල් මගින් කොවිඩ් බෝ වීමේ අවදානමක්… දෙමව්පියන්ට අනතුරු හඟවයි.

පෑන හෝ පැන්සල මගින් කොවිඩ් 19 වෛරසය දරුවන්ට ආසාදනය විය හැකි බැවින් ඒ පිලිබදව වඩාත් කල්පනාකාරී වන්නැයි කොව්ඩ් දුරලීමේ කමිටුවේ සම්බන්ධිකාරක වෛද්‍ය පරාක්‍රම කොඩිතුවක්කු මහතා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

දරුවන් බොහෝ දෙනෙකු පෑන හෝ පැන්සල කටේ දැමීමටත් යහලුවන් සමග මාරුකර ගනිමින් භාවිත කිරීමටත් පුරුදු වී සිටින බැවින් , රට තුළ අවදානම් තත්ත්වය පහව යන තෙක්  මෙම පුරුද්ද මගහරවා ගැනීමට දරුවන්ට උපදෙස් ලබා දෙන්නැයි හෙතෙම දෙමාපියන්ට දැනුම් දී සිටියි.

තවද පංතිකාරමය තුල පවත්වාගෙන යන මීටරයේ දුර විවේක කාලය තුළද දරුවන් රැකගත යුතුව ඇති බැවින් ඒ පිළිබඳවත් ආහාර පාන බෙදා හදාගෙන කෑමෙන් වැලකී සිටින ලෙසටත් දරුවන්ව දැනුවත් කරන්නැයි වෛද්‍ය කොඩිතුවක්කු මහතා ඉල්ලීමක් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිට අමතර කොවිඩ් උවදුරෙන් මිදීම සදහා සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන සියලුම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් ඒ ආකාරයටම පිළිපදින්නැයි කමිටුව සදහන් කර සිටියි.

Exit mobile version