පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වතිකානුවෙන් නිවේදනයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වතිකානුව ළඟදීම නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට සූදානමින් සිටින බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සන්නිවේදන කමිටුවේ සාමාජිකයෙකු වන සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කරයි.

ලිඛිතව ඉදිරිපත් කිරීමට නියමිත මෙම ප්‍රකාශය ප්‍රකාශය සූදානම් වෙමින් තිබෙන බවට වතිකානුව මේ වන විට දන්වා ඇති බවද සිරිල් ගාමිණි පියතුමා සඳහන් කළේය.

මෙම ප්‍රකාශය බොහෝවිට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් විශේෂ මණ්ඩලයකට ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් කිරීමට මැදිහත් වෙන්න ලෙස ඉල්ලා යවන ලද ලිපියට ප්‍රතිචාරයක් ලෙස නිකුත් වනු ඇතැයි සිරිල් ගාමිණී පියතුමා සඳහන් කර ඇත.


මේ වන විටත් වතිකානු නිල වෙබ් අඩවියේ මේ පිළිබඳ යම් සටහනක් පළකර ඇති අතර ඉදිරියේදී මෙය එය ලිඛිත ප්‍රකාශයක් ලෙස නිකුත් කිරීමට නියමිතව තිබේ.

එසේම ලබන සෙනසුරාදා (21) වෙනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ නිහඬ විරෝධතාවක් පවත්වන අතර ඒ කිසිසේත්ම රජය පෙරළීමට හෝ අපහසුතාව ට පත් කිරීමට ගන්නා ප්‍රයත්නයක් නොවන බවත් එය පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා සිදුකරන සිදු කරන බලපෑමක් පමණක් බවත් සඳහන් කළේය.

“අද අපි දකින විදියට මෙතන තියෙන්නේ ආකල්පමය ප්‍රශ්නයක්. රජය කිසිදු කෙනෙක් කියන කිසි දෙයකට ඇහුම්කන් දෙන්න ලෑස්ති නෑ. අද මේ තියෙන වසංගතය සම්බන්ධයෙන් සැලකූ විටත් අපට දකින්නට ලැබෙන්නේ එවැනි දෙයක්. ඉතින් අපි හිතන්නේ මේ ආකල්පය වෙනස් විය යුතුයි. එසේ සඳහන් කළ සිරිල් ගාමිණී පියතුමා මෙරට සියලු දෙනාට තම සෑම නිවසකම සහ සෑම වාහන යකටම කළු කොඩියක් ලබන සෙනසුරාදා ප්‍රදර්ශනය කර මෙම විරෝධතාවට සහය දෙන ලෙස” ඉල්ලා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විටත් තමන් සියලුම ත්‍රීරෝද රථ සංගම්වලට කළු කොඩියක් ඔසවන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් වෙළඳ සංගම් වලට ද තමන්ගේ කඩ සාප්පු වල එදිනට කළු කොඩි ප්‍රදර්ශනය කරන ලෙස ඉල්ලා ඇති බවත් සඳහන් කළ අතර ඊට අමතරව සෑම කතෝලික පල්ලියකම උදෑසන පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ වේලාවන් තුළ සීනු නාද කරන ලෙසත් ඉල්ලා සිටි අතර සෑම කතෝලික පල්ලියකම 21 වෙනිදා පෙරවරු 7-8 දක්වා යාඥා මෙහෙය පවත්වන ලෙසට ද ඉල්ලා ඇති බව සඳහන් කළේය.

Exit mobile version