පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජමාතේ ඉස්ලාම් හිටපු නායකයාට ඇප

ජමාතේ ඉස්ලාම් ශ්‍රී ලංකා සංවිධානයේ හිටපු ප්‍රධානියා වන උස්තාඩ් රෂීඩ් හජ්ජුල් අක්බාර් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ.

ඔහුගේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මත ඔහු මේ අයුරින් නිදහස් කර ඇති බව අනදොලු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

වයස අවුරුදු 61ක් වන උස්තාඩ් රෂීඩ් හජ්ජුල් අක්බාර් අත්අඩංගුවට ගැනුණේ 2019 අප්‍රේල් 21 වෙනිදා සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවල දී ය.


එහිදී අත්අඩංගුවට ගැනුණු ඔහු වරක් ඇප මත නිදහස් කොට යළිත් අත්අඩංගුවට ගැනුණි.

දෙවන වර ඔහු අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ මාර්තු මාසයේ දී ය.

ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගැනුණු ඔහු ප්‍රශ්න කිරීම් අත මත රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කටයුතු කෙරිණි.

ඔහුගේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම විමර්ශනයට ලක් කිරීමේ දී නීතිපතිවරයා ඔහු ප්‍රමාණවත් සාක්ෂි නැති බැවින් නිදහස් කිරීමට එකඟතාව පළ කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම හිටපු අන්තවාදී කණ්ඩායම් නායකයා අත්අඩංගුවට ගැනුණ ද ඔහුට විරුද්ධව පාස්කු ප්‍රහාර සම්බන්ධ චෝදනා නොමැති බව නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කර ඇත.

Exit mobile version