සියෝන් පල්ලියේ දේවගැතිත් නෑ ලක්ෂ 50ත් නෑ

පාස්කු කොමිසමේදී අනාවරණය වෙයි

පාස්කු ප්‍රහාරයෙන් හානියට පත් මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ ප්‍රධාන දේවගැතිවරයාට රුපියල් ලක්ෂ පනහක මුදලක් අතටම භාරදුන් බවත් මෙම මුදල භාරගත් බවට ලිඛිතව ඉල්ලුවද මෙතෙක් එවැනි ලිඛිත වාර්තාවක් ලැබී නැති අතර රොෂාන් නැමති මෙම ‍දේවගැතිවරයා මේ වනවිට තම බිරිඳ සමඟ කැනඩාවේ පදිංචිව සිටින බව ඊයේ (25) පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය විය.

ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය් ස්ථාපිත මෙම කොමිසම හමුවේ දීර්ඝ සාක්ෂියක් ලබා දුන් අගරදගුරු පදවියේ සමාජ සුභසාධන ආයතනයක් වන සෙත්සරණ නම් වූ ආයතනයේ අධ්‍යක්ෂ දොන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමා මේ බව අනාවරණය කළේය.

2019 වසරේ ජුනි මාසයේ දිනක සියෝන් දේවස්ථානය නිරීක්ෂණයට ගිය අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම මුදල් රොෂාන් දේවගැතිවරයා අතට බාර දුන් බවත් අගරදගුරුතුමාගේ අතින්ම එය භාරදුන් නිසා ඒ අවස්ථාවේ දේවගැතිවරයාගෙන් අත්සනක් ලබානොගත්තද පසුව එය ලබාදෙන ලෙස තමන් ඔහුට දැන්වූ බවද පැවසීය.


“එම මුදල් ලබාදුන්නේ කෑෂ් චෙක් එකකින්. පසුව රොෂාන් දේවගැතිවරයාට අපි දැනුම් දුන්නා චෙක්පත ලැබුණු බවට දැනුම් දීමක් අපිට කරන්න කියල.ඒත් එම දැනුම් දීම සිදුවුණේ නැහැ. එම දේවගැතිවරයා සිය භාර්යාවත් සමග දැන් ඉන්නේ කැනඩාවේ. ඔහු වෙනුවට දැන් දේවස්ථානයේ ඉන්න දේවගැතිවරයා කොමිසම හමුවේ මෙයට පෙර පෙනී සිට සඳහන් කර තිබෙනවා, මුදල් ලැබුණේ නැහැ කියල.පසුව අප කැනඩාවේ ඉන්න දේවගැතිවරයා ඇමතුවා ඔහු කීවේ ලංකාවට ආවම මේ ගැන විස්තර දෙන්නම් කියලයි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කෙසේ වුවද ඊට පෙර 2019 මැයි මාසයේදී අගරදගුරුතුමාගේ උපදෙස් මත මාත් තවත් පියතුමන්ලා කිහිපදෙනෙකුත් ස්වාමීන් වහන්සේලා දෙනමකුත් එක්ක සියෝන් දේවස්ථානයට ගියා. ඒ ගිහින් අපි සෙත්සරණ මෙන් එම ප්‍රදේශයේ ඇති එහෙඩ් නැමැති සංවිධානයට ලක්ෂ 50ක මුදලක් ගිණුම්ගත කළා. ඒ අගරදගුරු හිමිපාණන්ගේ උපදෙස් මත. ඒ අයට අපි දැනුම් දුන්නා ප්‍රහාරයෙන් හානිවෙලා තිබෙන දැඩි අවශ්‍යතා බලා ඒ මුදල් බෙදාදෙන්න කියල. රොෂාන් දේවගැතිවරයා අපිට 2019 මැයි 29 වෙනිදා ආරාධනා කළා අපි ලබාදුන් මුදල් හානියට පත්වූ ජනතාවට බෙදන්න එන්න කියල. ආරක්ෂක හේතූන් මත එම ප්‍රදේශයට අගරදගරුතුමාට යන්න දුන්නේ නැහැ. ඒ නිසා මමයි ස්වාමීන්වහන්සේ නමකුයි ගිහින් එම මුදල් හානියට පත්වූ පවුල් වෙත බෙදාදුන්නා. යයිද ඔහු මෙහිදී අනාවරණය කළේය.

Exit mobile version