මුස්ලිම් දේශපාලකයන් තරහ වෙන නිසා ජනපති මෛත්‍රී පස්සේ බලමු කීවා.

තරහා වෙලා හිටි නිසා වැඩිපුර කතා කළේ නෑ.... හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි කොමිසමේ දී කියයි

අයි.එස් සංවිධානයට සම්බන්ධ අන්තවාදී ක්‍රියාකාරකම් සහ මුස්ලිම් තරුණයන්ගේ රැඩිකල් වීම සම්බන්ධයෙන් තමන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ව දැනුවත් කළද “මුස්ලිම් දේශපාලකයන් තරහ වෙයි. ඕක පස්සේ හෙමිහිට බලමු“ යයි ඔහු ඒ මොහොතේදී ප්‍රකාශ කළ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළේ ය.‍ෙ

ඊයේ තම සාක්ෂිය ලබා දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් අසන ලද ප්‍රශ්න හමුවේය. තවදුරටත් අදහස් දක්වමින් හේමසිරි ප්‍රනාන්දු සඳහන් කළේ බුද්ධි අංශවලින් විශේෂයෙන් අයි.එස් පුහුණුව ලබා මෙරටට පැමිණි පුද්ගලයන් සහ අන්තවාදය පිළිබඳ ව දේශන ලබා දීම සඳහා මෙරටට පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් පවතින වාර්තා පිළිබඳව එහිදී ජනාධිපතිවරයා දැනුවත් කිරීම තමන්ගේ වගකීමක් වූ බවය. ඔවුන් සම්බන්ධයෙන් රටේ පවතින නෛතික රාමුව තුළ කටයුතු කිරීමට අවස්ථාව තිබුණද දේශපාලනික වශයෙන් ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ නොලැබුණු බව ද ඔහු මෙහිදී පැවසීය.

ආරක්ෂක මණ්ඩලයේදී මේ බව ජනාධිපතිවරයාට අවධාරණය නොකළේ මන්දැයි විමසීමේදී ද හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා තිබුණේ තමන් ජනාධිපකිවරයා සමග ඒ වනවිට යම් විරසක භාවයකින් පසුවූ නිසා ඔහුට මේ බව පෞද්ගලිකව අවධාරණය කිරීමට කටයුතු නොකළ බවයි. කෙසේ වුවද එවැනි ප්‍රශ්නයක් පැමිණි විටෙක එය ආරක්ෂක මණ්ඩලයේදී කතා කරන බවද ඔහු පවසා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙස තමන් ලද වාර්තා මත විශේෂයෙන් විදේශවලින් අයි.එස් පුහුණුව ලබා පැමිණි පුද්ගලයින් සහ රැඩිකල්කරණය පිළිබඳව දේශන කළ පුද්ගයින් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය රෙකමදාරු කරන ලෙස එවකට පොලිස්පතිවරයාට තමන් දැන්වූ බවද හේමසිරි ප්‍රනාන්දු පවසා තිබුණි.

Exit mobile version