ඇමති බදූර්දීන්ගේ සහෝදරයා සහරාන්ට රට පනින්න උදව් කළ බව බුද්ධි අංශ දැන ඉඳලා

සහරාන් හෂිම්ට මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවට පළා යාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ සොහොයුරා වන රිෆ්කාන් බදියුදින් උපකාර කර ඇති බව පාස්කු ප්‍රහාරයට පෙර සිටම රාජ්‍ය බුද්ධි සේවය දැන සිටි බව එහි හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසමේදි ඊයේ පිළිගත්තේය.

කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු සදහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශයකින් පළමු පුර්ව දැනුවත් කිරීම සිදු කිරීමෙන් අනතුරුව ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා විසින් තමන්ව මේ පිළිබද දැනුවත් කළ බවයි.

එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලු පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව තමන් අපරාධකරුවෙකු ලෙස සලකා ප්‍රශ්න කිරීම සිදුකළ බවට නිලන්ත ජයවර්ධන මහතා අද දින ජනාධිපති කොමිසමේදි චෝදනා කළේය.


එසේම පාස්කු ප්‍රහාරයට පෙර විදෙස් බුද්ධි සේවයෙන් ලැබුණු බුද්ධි තොරතුර සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ලේකම් ව සිටි හේමසිරි ප්‍රනාන්දුව 2019 අප්‍රියෙල් මස 7 වැනිදා වන විටත් තමා විසින් දැනුවත් කර තිබු බව ද නිලන්ත ජයවර්ධන ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2019 වසරේ අප්‍රියෙල් මස 9 වැනිදා පැවති බුද්ධි සාමාලෝචන රැස්විම පැවැත්වෙන අවස්ථාවන විට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ,හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් ,හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහරාන් හෂිම් සම්බන්ධයෙන් වන බුද්ධි තොරතුර පිළිබඳව දැනුවත්ව සිටි බව කොමිසම ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේය.

Exit mobile version