පාලන මිලට වඩා අඩුවෙන් දැන් බිත්තර වෙළෙඳපලේ තියනවා…. බිත්තර නිශ්පාදකයෝ කියති…

කීර්ති ප්‍රනාන්දු –

බිත්තර සඳහා නියම කර තිබෙන පාලන මිලට වඩා අඩුවෙන් සුදු හා දුඹුරු බිත්තර මිලදී ගත හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර් .එම්. සරත් රත්නායක   පවසයි .

ඒ අනුව බිත්තර වැඩි මිලට මිලදී නොගන්නා ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසයි .

සුදු බිත්තරයක් රුපියල් 40ක සහ දුඹුරු බිත්තරයක් රුපියල් 41ක තොග මිලට ගොවිපළෙන් වෙළඳුන්ට ලබාදෙන බවත් බේකරි වලින් පැමිණ බිත්තර රුපියල් 44 45 මිල ගනන් වලට ගොවිපළෙන් ලබා ගන්නා බව පවසන ඔහු ආර්ථික මධ්‍යස්ථානවල සහ ඇතැම් වෙළඳසැල් වල මේ වන විට බිත්තරයක් රුපියල් 44 කට අලෙවි කරන බවද කීය .

පාරිභෝගික අධිකාරිය මගින් සුදු බිත්තරයක් රුපියල් 44කටත්දුඹුරු බිත්තරයක් රුපියල් 46කටත් පාලන මිලක් නිකුත් කර තිබුණ ද මේ මස අවසාන වන විට බිත්තර මිල තවත් අඩු වී බිත්තර පාලන මිලට කුමක් සිදුවේද යන්න සිතාගත නොහැකි බවද ඒ මහතා පැවසීය .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට රට පුරා කිසිදු බිත්තර හිඟයක් නොමැති බව පෙන්වාදෙන ඔහු බේකරි, හෝටල් සහ කොත්තු කඩ සඳහා අවශ්‍ය තරම් දේශීය බිත්තර මිලදී ගත හැකි බව ද වැඩිදුරටත් පැවසීය

Exit mobile version