පාලනය කරගත නොහැකි වුවහොත් මාස 04කින් ලංකාවේ කොවිඩ් මරණ 20000 පනී!

විශාල වශයෙන් කොවිඩ් වෛරසය පැතිරීම වළක්වා ගැනීමට අපොහොසත් වුවහොත්  මේ වසරේ සැප්තැම්බර මාසය වනවිට කොවිඩ් වෛරසය හේතුවෙන් රටේ ජීවිත විසි දහසකට ආසන්න ප්‍රමාණයක් නැති විය හැකි බව වොෂින්ටන් පදනම් කරගත් පර්යේෂණ වාර්තාවක්  හුවා දක්වමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මෙම පර්යේෂණ වාර්තාව සම්බන්ධව ශ්‍රී ලංකාව සිය අවධානය යොමුකළ යුතු බව හිටපු අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

“ වොෂින්ටන් විශ්වවිද්‍යාලය සමස්ථ ලෝකය කෙරෙහි අවධානය යොමු  කරමින් ගැඹුරු අධ්‍යයනක් කරලා   කොවිඩ් වසංගතය පිළිබඳ මෙම පර්යේෂණ වාර්තාව නිකුත් කරලා තියනවා.  ශ්‍රී ලංකාව කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි.  මෙම වාර්තාවෙ දක්වා තිබෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය රෝගය සාර්ථකව පාලනය කිරීමට සමත් වූ රටවල් දෙක ලෙසයි. රටක් ලෙස ලංකාවට ඔවුන්ගේ ආදර්ශ ලබා ගත  හැකියි. ආපදාව වළක්වා ගැනීම සඳහා ජනගහණයෙන් සියයට 70කට හැකි ඉක්මිනින් එන්නත ලබා දීම වැදගත්. ලංකාව කඩිනමින් ක්‍රියාත්මක වුවහොත් මේ ව්‍යසනයෙන් බේරෙන්න හැකියි…“


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වාර්තාව උපුටා දක්වමින් මංගල සමරවීර කියයි.

Exit mobile version