පාර්ලිමේන්තුවේ පටලැවිල්ලක්! හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි…

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ද ශ්‍රි ලංකා මහ බැංකුව පිළිබඳව සභාව කල් තැබීමේ යෝජනාව සඳහා පක්ෂ නායක රැස්වීමේදී සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණයක් ගෙන තිබුණද හෙට පැවැත්වීමට නියමිත මහ බැංකු වාර්තාව පිළිබඳව සභාව කල් තැබීමේ යොජනාව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයකු නමින් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව දැඩි විවාදයක් අද පාර්ලිමේන්තුවේදී ඇතිවිය.

මෙහිදී අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නගන ලද ප්‍රශ්න හමුවේ කථානායකවරයාද යම් පටලැවිලිසහගත පත්වූ අතර ඔහු අවසානයේ එහි යම් පටලැවිල්ලක් සිදුව ඇති බැවන් එය නිරාකරණය කිරිමට අද (08) දහවල් 12.00ට පක්ෂ නායක රැස්වීමක් කැඳවන බව ප්‍රකාශ කළේය.

අද පෙරවරු සැසියේදී ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක  ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා මහ බැංකුව පිළිබඳව තමන් විසින් ඉල්ලා සිටි යෝජනාව නැවත ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කරන බවයි. එය යුක්ති සහගත නොවන බව කථානායකවරයාගේද හෘදය සාක්ෂිය පවා ඒ බව දන්නා බව තමන් විශ්වාස කරන්නේ යැයි ඔහු එහිදී පැවසීය.


එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා “මම දිගින් දිගටම ඉල්ලා සිටියා. ගරු කතානායකතුමනි, ආණ්ඩු පක්ෂයම යෝජනා කරන එක පිළිගන්න ඔබ ඔය පුටුවේ ඉන්න ඕනද? පක්ෂ නායක රැස්වීමේදි මම දිගින් දිගටම ඉල්ලා සිටි යෝජනාවට එකඟ වුණා. “ යනුවෙනි.

එහිදී විපක්ෂ නායක සජික් ප්‍රේමදාස  තමන්ද මෙම කමිටුවට සහභාගී වූ බවත් අනුර කුමාර දිසානායකගේ සභාව කල් තැබීමේ යෝජනාව හෙට දවසේ විවාදයට ගැනීමට කාරක සභාවේදී ගත් තීන්දුව වලංගු නොවන්නේ දැයි ප්‍රශ්න කළේය..

“ගරු අනුර දිසානායක මන්ත්‍රිතුමා එදා කමිටු රැස්වීමේදී ඉල්ලා සිටියා විවාදයට දිනයක් නියම කරන්න. පක්ෂ නායක රැස්වීමේදි එකඟතාවට අනුව කටයුතු නොකරනවානම් මොනවටද බිස්නස් කමිටි තියන්නේ ඕන. මන්දිරේක ගිහින් තීන්දු කරන්න පුළුවන්. මේකේ ගන්න තීන්දු තීරණ වලංගුද නැද්ද? කතානායකතුමා ඔබතුමා රූකඩයක් නෙවෙයි. රූකඩ නටවනවා අපේ රටේ කතානායක නටවන්න පුළුවන්ද? එකුමා රූකඩයක් නෙවෙයි. චමල් රාජපක්ෂත් ඇමතිතුමත් මේ කමිටුවේ සිටියා.   ඔක්කොම ඉඳල තමයි දිනේ දුන්නේ“ යයි සඳහන් කළේය.

මෙම විවාදයේදී සභානායක දිනේෂ් ගුණවර්ධන මෙම විවාදය පිළිබඳව පක්ෂ නායක රැස්වීමේ සහ පාර්ලිමේන්තු කටයුතු කමිටු රැස්වීමේ කාර්ය සටහන්වල පැහැදිළිව තිනෙවා යයි පෙන්වා දුන්නද අනුර තකුමාර දිසානායක මන්ත්‍රිවරයා එය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ එම වාර්තා තවමත් අනුමත නොකළ ඒවා බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද අවසානයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙතන යම් පටලැවිල්ලක් පවතින බැවින් අද දහවල් 12.00ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් නිගමනයට එලඹීමට තීරණය කළේය.

Exit mobile version