පාපන්දු සම්මේලනයේ අලුත් නිලධාරී මණ්ඩයට අධිකරණයෙන් අතුරු තහනමක්! –

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ නව සභාපති ජේ ශ්‍රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට නිල රාජකාරි කටයුතු වළක්වාලමින් අභියාචනාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් පනවා ඇත. එම නියෝගය හෙට (19) දිනය දක්වා බලපැවැත්වේ.

අභියාචනාධිකරණය මෙම අතුරු තහනම ලබාදී ඇත්තේ හිටපු සභාපති ජස්වර් උමාර් විසින් අභියාචනාධිකරණය වෙත කළ පැමිණිල්ලක් සලකා බලමිනි.

පසුගිය සෙනසුරාද පැවති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙදී හිටපු සභාපති ජස්වර් උමාර්ට තරඟයට ඉදිරිපත්වීමේ අවස්ථාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවසන් මොහොතේදී අහිමිකර තිබිණ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සභාපති ධුරය සඳහා ඉදිරිපත්වූ තමාට ඒ සඳහා අවස්ථාවක් ලබානොදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් තමන්ට බලවත් අසාධාරණයක් කල බවට චෝදනා කරමින් ජස්වර් උමාර් අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනුකර තිබුනේ ඊයේ පස්වරුවේදීය.


Exit mobile version