ප්‍රතිකාර ගැනීමට මනම්පිටිය රෝහලට ඇතුළත් කළ දිඹුලාගල නා හිමියන් සේවකයින්ගේ නොසැලකිල්ලෙන් ට්‍රොලියෙන් වැටී අසාධ්‍යව පොලොන්නරුව රෝහල් දැඩි සත්කාර ඒකකයේ…

දිඹුලාගල ආදි වාසී පරපුරෙන් ගිහි කළ පැවත ආ උන්වහන්සේ ශාසනය ඉතිහාසය තුළ මෙවැනි භාරයක් දැරූ ප්‍රථමයා යි!

මනම්පිටිය නිමල් ජයරත්න –

රෝගී තත්ත්වයක් හේතුවෙන්   අද (05) උදෑසන   මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් රෝහල් සේවක නොසැලකිල්ල හේතුවෙන් රොහල තුළට රැගෙන ගිය  ට්‍රොලියෙන් වැටී අසාධ්‍යව පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව දිඹුලාගල ශාසනාරක්ෂක බල මණ්ඩලය සඳහන් කරයි.

දිඹුලාගල නාහිමියන් මේ වෙනවිට පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි අත්තනකඩවල ජනතාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

නා හිමියෝ සති දෙකක පමණ කාලයක් යම් අසනීප තත්ත්වයකින් පසුවී ප්‍රතිකාර ලබාගෙන තිබුණහ.  මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය් නිලධාරී දීපාල් අසංක නිවාඩු ලබාගොස් සිටියදී මෙම සිදුවීම ඇති බවත්, මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ඒ මොහොතේ සේවයෙ නියුතු සේවකයන්ගේ නොසැලිකිලිමත් නිසා නාහිමියන් ට්‍රොලියෙන් වැටී තුවාල ලබා අ සාධ්‍යව රෝහල්ගත කරන්නට සිදුව ඇති බවත් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී අත්තනකඩවල ජනතා ලංකාර නාහිමියෝ චෝදනා කරති.

මෙම සිද්ධියෙන් පසුව එහි සේවකයින් දෙදෙනකු තමන් වහන්සේ ගෙන් සමාව ඉල්ලා සිටි බවත්. මනම්පිටිය රෝහලේ ඇතැම් සේවකයින් රෝහලට ප්‍රතිකාර ලැබීමට පැමිණෙන රෝගීන් පිළිබඳ නොසැලකිලිමත්ව ඔවුන් රාජකාරියේ නිරත වන මොහොතේත් ජංගම දුරකථන භාවිතා කරමින් සමාජ ජාලාවල සැරිසරන නිසා රෝගීන් මෙවැනි තත්ත්වයන්ට ලක්වන බවත් ජනතා ලංකාර නාහිමියෝ සඳහන් කරති.


ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන්ට ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ජනවාරි නවවැනිදා පොලොන්නරුව මහ රෝහලටත්, ඉන් අනතුරුව ජනවාරි 26 වැනිදා නුවර මහ රෝහලටත් ඇතුළත් කර තිබිණි.

පසුව ඉකුත් තුන්වෙනිදා නුවර මහ රෝහලෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට රැගෙන ඒමෙන් පසු දිඹුලාගලනාහිමියන් පස් වෙනිදා උදෑසන මනම්පිටිය ප්‍රාදේශීය රෝහල්ට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම අනතුරට මුහුණ දුන්හ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අප මේ පිළිබඳව මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී දීපාල් අසංකගෙන් දුරකථනයෙන් කළ විමසීමේදි සඳහන් කළේ මෙම තත්ත්වය පිළිබඳ, දැඩි අවධානය යොමුකර පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බවත්, තමන් නිවාඩු ලබාගොස් සිටියදී මෙවැනි තත්ත්වයක් සිදු වීම කණගාටුවට කරුණක් බවත්ය.

Exit mobile version