පරීක්ෂණාගාර ධාරිතාව පැනලා… පී.සී.ආර් හා රැපිඩ් ඇන්ටිජන් නියැදි 2800ක් ගම්පහ එම්.ඕ.එච්. කාර්යාලවල

කීර්ති ප්‍රනාන්දු –

පරීක්ෂණගාර ධාරිතාව වැඩි වීම නිසා  ගම්පහ දිස්ත්‍රික්කය පුරා ඊයේ ( 28) සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ හා පී.සී.ආර් පරීක්ෂණ නියැදි 2800ක් ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාවල ගොඩගැසී ඇතැයි වාර්තා වේ.

ඊයේ කරන ලද පරීක්ෂණ ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් මෙම නියැදි යොමු කරගත නොහැකි වූ බව පවසන ගම්පහ සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාල ආරංචි මාර්ග පවස්නේ අද සමහරවිට එම නියැදිය පරීක්ෂණාගාර වෙත යොමුකරගත හැකි බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ  පමණක් නියැදි 432ක් පවතින බවත් මෙම නියැදි අයිස්කර තැබීමේදී පැය 12න් 12ට අයිස් ඉවත් කිරීම සිදුකළ යුතු බවත් එය අවදානම් සහිත තත්වයක් බවත් එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් පෙන්වා දුන්නේය.


Exit mobile version