පරිපූරක වෛද්‍ය සේවකයෝ ජූලි 06 දා සිට අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් සඳහා සමානව නොසැලකීමේ ප්‍රතිපත්තිය නිසා අසාධාරණයට ලක් වූ සම සෞඛ්‍ය සේවාවන් විසින් ඉදිරිපත් කළ කරුණු 14ක් සඳහා සෞඛ්‍ය බලධාරීන් විසඳුම් ලබා දීමට අපොහොසත් වීම නිසා නැවත දැනුම් දීමකින් තොරව ලබන 06වන දා සිට වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ආරම්භ කරන බව පරිපූරක සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

වසර කිහිපයක් තිස්සේ මතු වෙමින් ඇති ගැටලු සම්බන්ධව සාකච්ඡා හරහා විසඳුම් ලබා දීමට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිඳු මැදිහත්වීමක් සිදුකර නොමැති වීම හේතුවෙන් නැවත දැනුම් දීමකින් තොරව ජූලි 06 වැනි දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වන බව එම වෘත්තීය සංගමය දන්වා ඇත.

තවද මෙම සමාන ඉල්ලීම් වෘත්තීන් සමඟ තනි තනිව සාකච්ඡා කොට විවිධ තීරීණ ගැනීමේ ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා රජයේ ඉහල බලධාරීන් විසින් අනුගමනය කිරීම හේතුවෙන් වෘත්තිකයන් බරපතල නොසන්සුන්තාවයකට පත් වී ඇති බවත්, එය හිතාමතාම සිදුකරන ලද්දක් බවත්, මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඇති කිරීම පිළිබඳ වගකීම අදාල අසමාන හා කල්ලිවාදී තීරණ ගනු ලබමින් සිටින පාර්ශ්වයන් විසින් භාරගතයුතු බවත් පරිපූරක සේවා ඒකාබද්ධ බල මණ්ඩලය දන්වා සිටී.

Exit mobile version