පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

Kaushalya-Nawaratne

පක්ෂ දේශපාලනයෙන් බැහැර වී ස්වාධීනව කටයුතු කරගෙන යෑමට පියවර ගන්නා බව නීතිඥ සංගමයේ නව සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න අද (25) ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙතෙක් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් දැරූ වගකීම  නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස භාර ගනිමිනි.

ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයාය.

2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ  සභාපති ධූරය සඳහා තරග වැදීමට නීතිඥ කෞෂල්‍ය නවරත්න පමණක් ඉදිරිපත් වී සිටි බැවින්   ඔහු  ඡන්ද විමසීමකින් තොරව එම සංගමයේ සභාපතිවරයා ලෙස පත් විය.


මේ අතර නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයින් 13දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා වන නිලවරණය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද උදෑසන පැවැත්වුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම අවස්ථාවට නීතිපති සංජය රාජරත්නම්   ද එක්වී සිටියේය. අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 49 වැනි සමුළුව   අගවිනිසුරු ජයන්ත ජයසූරිය  ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

Exit mobile version