නොදන්න කාබනික පදිරිවලට ගිහින් පසත් ගොවිතැනත් වැනසෙන හැටි දැනගන්න!

ආචාර්ය වර්ශි දන්දෙනිය පේරාදෙණිය කෘෂිකර්ම පීඨයේ  පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවෙහි සේවය කරන    කෘතහස්ථ වෘත්තිකයෙකි. පර්යේෂිකාවකි.  කාබනික පොහොර යෙදවුම් සම්බන්ධව අප ඇයගෙන් විමසුවේ මේ වනවිට ප්‍රමිතියක් නැති කාබනික පොහොර සම්බන්ධව රට පුරාම ඇසෙන අඳෝනා අසමිනි. මේ අප නැගූ ප්‍රශ්නවලට ඇය ලබා දුන් පිළිතුරුය.

Dr-Warshi-Dandeniya
ආචාර්ය වර්ශි දන්දෙණිය

 

නැහැ තවමත් කාබනික පොහොර ලෙස වෙළෙඳපොළට නිකුත් වන ඇතැම් පොහොර සඳහා නිශ්චිත ප්‍රමිතියක් නැහැ. කොම්පෝස්ට් පොහොර හෝ කාබනික පොහොර හෝ ලෙස ගොබිම්වලට අත්‍යවශ්‍ය තත්ත්වයක් ඇති වී තිබෙන බැවින් මේ සඳහා මේ වන විට හොඳ ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. එම ඉල්ලුම මත කුමක් හෝ දෙයක් සපයන්න බොහෝ පිරිස් හුරු වෙලා ඉන්නවා ඒ හැරුණාම කාබනික පොහොර සඳහා වන නිශ්චිත සැලසුමක් හෝ  නිශ්චිත ප්‍රමිතියක් පිළිබඳව කවුරුත් වගකීමෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ

ඔව්… කාබනික පොහොර නිෂ්පාදන සඳහා ඉතා හොඳ තාක්ෂණයක් සහ නිසි ප්‍රමිතියක් තිබිය යුතුයි. මොකද ඒ හරහා පොළොවට එකතු වන කාබනික ද්‍රව්‍ය අති විශාල බව කියන්න පුළුවන්. මේ හරහා පොළොවට කාබනික දූෂක එකතු වුණොත් ඇතිවන තත්ත්වය ඉතාම බරපතළ සහ ඉතාම භයානකයි.

 

බැරලෝහ, මයික්‍රො ප්ලාස්ටීක්,    ෆීනෝල් පොලී ක්ලෝරිනේටඩ් වැනි කාබනික දූෂක රැසක් ප්‍රමිතියක් නැති කොම්පෝස්ට් හරහා පොළොවට එකතු වෙන්න පුළුවන්. එය පොළොවේ ජෛව විවිධත්වයට සෘජුව බලපෑම් එල්ල කරනවා. පොළවට අත්‍යවශ්‍ය පාංශු අතර ගැවසෙන ක්ෂුද්‍ර ජීවීන් විශාල ලෙස විනාශ කරන්න මේ කාබනික දූෂක වලට හැකියාව තිබෙනවා


විශේෂයෙන්ම නාගරික කසළ ගොඩවල් වලින්. උදාහරණයක් විදිහට බ්ලුමැන්ඩල් කුණු කන්ද උපයෝගී කොටගෙන කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම සිදු කෙරෙනවා. ඒ විතරක් නෙවෙයි රටපුරා මෙවැනි නාගරික කුණු ගොඩවල් වලින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන අවස්ථා දක්නට ලැබෙනවා. මේ කුණු ගොඩ තුළ තිබෙන ලාස්ටික් ඇතුළු සෙසු විෂ ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී කුමන තත්ත්වයන් යටතේ වුවත් පොළොවට නැවත එකතු කිරීම සුදුසු නැහැ.

නාගරික අපද්‍රව්‍යවල තමයි සැලකිය යුතු තරම් ම කාබනික දූෂක තියෙන්නෙ. ප්‍රමිතියක් නැති කොම්පෝස්ට් පොළොවට යෙදීම සුදුසු නැහැ කියන්නේ මේ තත්ත්වය යටතේ. මොකද මේවා පොළොවට එකතු වුණොත් ඇතිවන නරක ප්‍රතිඵලය ඉතාම දරුණුයි

කාබනික පොහොරවල හෝ කොම්පෝස්ට් පොහොරවල සංයුතිය කුමක්ද යන්න පරීක්ෂාකර බැලීම තමයි කළ හැකි හොඳම දෙය. නමුත් මේවන තුරුත් ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවක් රටපුරා පෙනෙන්නට නැහැ.

මේ වන විට බොහෝ දෙනා වැව් වල පතුලේ ඇති රොන්මඩ හාරලා ඊට තවත් බනික ද්‍රව්‍ය එකතු කරලා පැකට් කරමින් කාබනික පොහොර ලෙස වෙළෙඳ පොළට නිකුත් කිරීමට පවා හුරු වී තිබෙනවා. ඔවුන් හිතන්නේ කළු පැහැ ගැන් වූ පමණින් එය කාබනික පොහොර ලෙස ගොවියට ලබාදිය හැකි කියා.

මේ ඉතාම නුසුදුසු කාර්යයක්. මේ වැරදි ක්‍රියාව නිසා පසේ තියෙන සරු බව නැති වෙලා නිසරු පසක් ඉතිරි වන්නට තියෙන ඉඩ බොහොම වැඩියි. පසට කාබනික දූෂකයක් හසුවීමෙන් නිසරු වුවහොත් එය නැවත සකස් කර ගැනීම   හිතන්නත් අපහසු කාර්යයක්. ඒ තරමටම පොලොවෙ සරු බව නැති වී යනවා

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිසි විසඳුම ලෙස යෝජනා කළ හැක්කේ කාබනික පොහොර හෝ කොම්පෝස්ට් පොහොර නිශ්පාදනයේදී ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම. පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කර බැලීම. පොහොරවල සංයුතිය කුමක්ද යන්න විමසා බැලීම. . කාබනික හා කොම්පෝස්ට් පොහොර වල තත්ව පරීක්ෂාවේ දි දැනට සිදු නොවන්නේත් මේ කියන කාරණා ටිකම තමයි.

Exit mobile version