නුවර වැවරවුමේ ඩෙවෝන් රෙස්ට් කොවිඩ් භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙයි…

කාමර 17යි... භික්ෂූන්වහන්සේ 50කට ප්‍රතිකාර කළ හැකියි... ආයතන ප්‍රධානී ගාමිණී විරරත්න හෝටලය මහ නා හිමිවරුන්ට භාරදෙයි...

කොවිඩ් ආසාදිත භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

මේ සදහා පෞද්ගලික ව්‍යාපාර ආයතනයක් වන ඩෙවෝන් ආයතනයේ ප්‍රධානී ගාමිණී වීරරත්න   සිය වැවරව්මේ පිහිටි  ඩෙවෝන් රෙස්ට් හෝටලය නොමිලයේ ලබා දී තිබේ.

මල්වතු අස්ගිරි අනුනායක ස්වාමින්වහන්සේලා වෙත මෙම ගොඩනැගිල්ල තාවකාලිකව භාර දී ඇති අතර , මෙම ගොඩනැගිල්ලේ කාමර දහහතක් තිබේ. භික්ෂුන්වහන්සේලා පනස්නමක් සදහා ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවන පරිදි මෙම ස්ථානය සකස් කිරිමේ කාර්යය යුධහමුදාව විසින් සිදුකරනු ලබයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


භික්ෂුන්වහන්සේලා සදහා ප්‍රතිකාර ලබා දීම මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් සිදු කරන බව රෝහල් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා පැවසීය.

Exit mobile version