නුවරඑළිය නගරසභාවේ කම්කරුවෝ 400ක් වැඩ වරති….

වැරදි කළේ අපි විතර ද?. එදා කෑවෙ බිව්වෙ අපි විතර ද?. කම්කරුවෝ අසති....

නුවරඑළිය නගරාධිපතිවරයා වසර 13ක් තිස්සේ අඛණ්ඩව තමන්ට ලබා දුන් දිවා ආහාරවේල සම්බන්ධව අමුතු පරීක්ෂණයක් කිරීමට තමන් එරෙහිවන බව දක්වා නුවර එළිය නගරසභා කම්කරුවන් 400ක් වැඩ වර්ජනය කරමින් අද උදෑසන සිට විරෝධතාවයකට පිළිපන්හ.

මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව පරීක්ෂා කිරීමට නිලධාරීන් තුන් දෙනෙකුගෙන් යුතු කමිටුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ විසින් පසුගිය දා පත් කරනු ලැබීය. ඒ දිවා ආහාරය සමග අරක්කු කාලක් නගරාධිපතිවරයා විසින් කම්කරුවන්ට ලබා දුන් බව කියන සිද්ධිය ගැන විමර්ශනයක් කරන්නටය.

ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයට බලය ඇති නුවරඑළිය නගර සභාවේ නගරාධිපතිවරයා මේ කෙවිඩ් කාලය තුළ සෞඛ්‍ය පිළිවෙත් කඩකරමින් හැසිරුණේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අපහසුතාවයට  පත් කරන්නදැයි තමන්ට සැකයක් ඇති බවය.


මීට පිළිතුරු ලබා දුන් නුවරඑළිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න කීවේ තමන් බලයේ සිටියත් නොසිටියත් මෙම කම්කරුවන් සඳහා අවුරුදු දා දිවා ආහාර වේල ලබා දීම තමන් පිළිවෙතක් ලෙස කරගෙන පැමිණි බවය.

“ මේ අහිසංක දුප්පත් මිනිස්සු. දරිද්‍රතාවයේ පතුළෙම ඉන්න මිනිස්සු. මේ මිනිස්සු තමයි මේ නගරයේ තියන කැළිකසළ ඇදලා පිටින් එන මිනිස්සුන්ට සුර පුරයක් වගේ පෙනන ලෙස නුවරඑළිය ලස්සන කරලා තියන්නේ. අවුරුද්දකට වරක්වත් ඔවුන් කෑම වේලක් දීම මා මගෙ යුතුකමක් සේ සැලකුවා. මේ අවුරුද්දෙත් මා ඒ දේ කළා. “

මෙවර අපි සංචාරකයන්ට නුවරඑළියට එන්න ආරාධනා කළේ නෑ. ඒත් විශාල පිරිසක් ආවා. අප වසන්ත සැණකෙළිය උපරිම අන්දමින් සෞඛ්‍ය පිළිවෙත් අනුව සංවිධානය කළා. රටේ ප්‍රභූන් ඇවිත් විනෝදවෙලා ගියා. රජයෙන් මැදිහත්වෙලා පොලිස් ආරක්ෂාව දුන්නා. මේ සියල්ල අතරෙ කම්කරුවන්ට කෑම වේලක් දීම බරපතල වරදක් වුනේ කොහොමද කියන ප්‍රශ්නය මට තියනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නගරාධිපතිවරයා ලංකාසරට කීවේය.

 

 

 

 

 

Exit mobile version