නීතිපති පොලිස්පතිට දැන්වූ කරුණු ගැන  ඇමති සී.අයි.ඩීයෙන් වාර්තාවක් කැඳවයි.

35 දෙනෙකුට නඩු පවරන්න සම්පූර්ණ වාර්තා දුන්නේ ගිය මාසෙ... ඇමති කියයි....

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශන අසම්පූර්ණ බව , නීතිපතිවරයා විසින් පිටු 130ක වාර්තාවක් මගින් ලිඛිතව පොලිස්පතිවරයාට දැන්වීමෙන් අනතුරුව සිදුවී ඇත්තේ කුමක් දැයි විමසා මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබේ.

මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා පැවසුවේ මේ නව ප්‍රවණතාව ගැන තමන්ටත් දැන ගැනීමට අවශ්‍ය බවය.  මීට මාසයකට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 35 දෙනෙක් සඳහා නඩු දැමීමට අවශ්‍ය සියලුම වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව වෙත ලැබී තිබුණු බවය.

ලබන සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවී සිදු වී ඇත්තේ කුමක් දැයි විමසා බලා රටට ප්‍රකාශයක් කරන බව ඇමතිවරයා කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් නීතිපතිවරයා පොලිස්පති වෙත දන්වා තිබුණේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඒ ශ්‍රේණියේ සැකකරුවන්  42කගේ සාක්ෂි ලිඛිතව තහවුරු කර නැති බවය. පස්දෙනෙක් සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණ බවය.

Exit mobile version