නිවෙස් තුළම කොවිඩ් මරණ වාර්තා වන්නේ ප්‍රතිකාර සඳහා යොමු නොවන නිසා..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය සතිය තුළ කොවිඩ් ආසාදනය වීම නිසා සිදුවූ මරණ කිහිපයක්ම නිවෙස් තුළදීම සිදුවීම නිසා සමජය තුළ ආන්දෝලනයක් ඇති වී තිබුණත් ඊට ප්‍රධානම හේතුව බෝ නොවන රෝග වලින් පෙළෙන වයස්ගත පිරිස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත නොවීම බව සෞඛ්‍යය අමාත්‍යාංශයේ මාධය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසීය.

එසේ අනිසි බියක් ඇතිකරගත යුතු නැති බවත් රෝහල්වල සුපුරුදු ප්‍රතිකාර ක්‍රමවේදයන් ක්‍රියාත්මක බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

වඩාත්ම ආරක්ෂිත වන්නේ රෝගවලට බියෙන් සැගවී සිටීම නොව, පවතින තත්ව හමුවේ ප්‍රායෝගික වී ප්‍රතිකාර සඳහා යොමුවීම බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

Exit mobile version