නිරෝධායන නීතී චමුදිතටත් ක්‍රියාත්මක කරන්න… චන්දිමාල් පොලිසි යයි…


නිරෝධායන නීති කඩ කරමින් වැරදි ආදර්ශයක් සමාජ කර ඇති නිසා තම සේවා දායකයාට එරෙහිව ක්‍රියාත්මක කළ නීතීය චමුදිත සමරවික්‍රමටත් ක්‍රියාත්මක කරන ලෙසත් , 2021.05.31 දින හිරු සලකුණ වැඩසටහනේ දී තම සේවා දායකයාගේ නඩුවක් මුල් කරගෙන චමුදිත සමරවික්‍රම විසින් අධිකරණයට අපහාස කර ඇති බැවින් ඊට එරෙහිව රටේ නීතියට අනුව කටයුතු කරන ලෙසත් ඉල්ලා චන්දිමාල් ජයසිංහගේ නීතිඥවරයා ලෙස පෙනී සිටින මංජු  ශ්‍රී චන්ද්‍රසේන විසින් රහස් පොලිසියේ සහ කොටුව පොලිස් ස්ථානයේ පැමිණිලි දෙකක් ගොනු කිරීමට අද (08) කටයුතු කර ඇත.

චන්දිමාල් ජයසිංහගේ උපදෙස් මත මංජු ශ්‍රී චන්ද්‍රසේන විසින් මෙම පැමිණිලි ගොනු කර තිබේ.

තම සේවා දායකයා නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධව කොටුව පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබුණු නඩුවේ දී අධිකරණයෙන්  ඇප ලබා දුන් බවත්, එහෙත් 2021.05.31 දින හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සමග ඇතිවුණු සංවාදයේ දී චමුදිත සමරවික්‍රම   දිගින් දිගටම එම අධිකරණ තීන්දුව ප්‍රශ්න කළ බවත් ඉන් අධිකරණය වැරදි තීන්දුවක් ලබා දුන් ආකාරයක් සමාජ ගත වූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

එමෙන්ම චමුදිත සමරවික්‍රම සමග හරීන්ද්‍ර ජයලාල්  යූ ටියුබ් හරහා සංවාදයක් කිරීමෙන් පසු නිරෝධායන නීති උල්ලංඝණය කරමින් එකිනෙකා වැළඳගෙන ඡායාරූප ගෙන සමාජ මධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

එහෙත් තමන්ගේ සේවා දායකයා නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධව අධිකරණයට පැමිණිලි කළ පොලිසිය චමුදිත සමර වික්‍රමට හා හරේන්ද්‍ර ජයලාල්ට එරෙහිව නිරෝධායන නීතිය කඩ කිරීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කර නැතැයි පැමිණිලිකරු පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන පැමිණිලි කරු ඉල්ලා තිබේ.


Exit mobile version