නිරෝධායන නීති කඩා බූරු ගැසූ සූදු අන්තුවන් පිරිසක් අත් අඩංගුවට…

ලලිත් චාමින්ද –

නිරෝධායන නිතිරිති උල්ලංඝණය කරමින් බුරුවා ගැසිමේ නිරතව සිටි පුද්ගලයින්  06 දෙනෙකු පෙරේදා (02) පස්වරුවේ දි  පරගොඩ හේනවත්ත ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් ඉමදුව පොලීසිය පවසයි. 

මොවුන් පරගොඩ ප්‍රදේශයේ නිවසක බුරුවා පිටිය පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිසිය විසින් මෙම බුරුවා පිටිය වටලන අවස්ථාවේ එහි සිටි පිරිසක් පැනගොස් ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඉමුදුව, අගුළුගහ, පරගොඩ හා කබරගල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. අලුත් අවුරුදු සමයේ සිටි මොවුන් බුරුවා ගැසිමේ නිරතව ඇත.

 නිරෝධායන නිතිරිති උල්ලංඝණය කිරිම හා මුදලට සුදු ක්‍රිඩාවේ යෙදිම යන චෝදනා යටතේ  මොවුන් 06 දෙනාට ඉදිරි දිනකදි අධිකරණයේ නඩු පැවරීමට  කටයුතු කරන බව පොලිසිය පවසයි. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉමදුව පොලිස් ස්ථානාධිපති පො ප උදිත කුමාර, පො සැ 40780 සේනානායක, පො සැ 56039 නිශාන්ත, පො සැ 59802 ධනවංශ, පො සැ 24337 වනිගරත්න, පො කො 91199 තරංග, පො.කො.රි.80444 උදයංග යන නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිය.

Exit mobile version