නිරෝධායන නීති උල්ලංඝණය කළ බව කියා අත්අඩංගුවට ගත් පුද්ගලයා ජිප් රියෙන් පැන මරුට

මිය ගිය අය අත් අඩංගුවට ගත් එස් අයි. ගේ සහ සැරයන්වරයාගේ වැඩ තහනම්....

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිය නිවසේ සිට ඥාති නිවසකට ගමන් කරමින් සිටිය දී නිරෝධානයන නීති උල්ලංඝණය කළ බවට චෝදනා කර පොලිසිය විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ජිප් රථයෙන් රැගෙන යෑමේ දී ධාවනයවන රථයෙන් පැන යෑමට උත්සාහ කර ඇති බවත් එහිදී රථයෙන් ඇද වැටී බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එම පුද්ගලයා මිය ගිය බවත් පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා වත්තල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි.
පානදුර වත්තල්ගොඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බව පානදුර පොලිසියෙන් කළ විමසීමක දී ලංකාසරට පැවසීය.

මිය ගිය පුද්ගලයා නිරෝධානය නීති කඩ කරමින් ඥාති නිවසකට ගමන් කරමින් සිටි බවත් එහිදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා ජිප් රථයයේ දමාගෙන යමින් සිටිය දී එයින් පලා යෑමට රථයෙන් පැන ඇති බවත් පානදුර පොලිසිය පැහැදිලි කළේය.

සිද්ධිය පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් අධිකාරීවරයෙකුගේ මෙහෙයවීමෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇති බවත්, සැකකරු අත් අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ පොලිස් සැරයන්වරයාගේ සේවය තාවකලිකව අත් හිටුවා ඇති බවත් පානදුර පොලිසිය පැවසීය.

Exit mobile version