දිනසේන රතුගමගේ –
මන්නාරම දුම්රිය ස්ථානය කොරෝනා වෛරස් රෝගය හේතුවෙන් සැප්තැම්බර් මස 13 දා සිට දින 14 කට තාවකාලිකව වසා දැමීමට මන්නාරමේ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය බලධාරීන් තීරණය කොට තිබේ.
වවුනියාව පට්ටකාඩු කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙකු මන්නාරමට පලාගොස් මන්නාරම දුම් රිය ස්ථානයේ කල් ගෙවීම නිසා දුම්රිය ස්ථානයේ සියලුම සේවකයින් නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක බලධාරීන්ට සිදුව ඇති නිසා මේ තීරණය ගෙන තිබේ.
විදේශ රටක සිට පැමිණි පුද්ගලයෙකු වවුනියාව මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින අතරතුර පලාගිය අතර ඔහුව යුද හමුදාව විසින් මන්නාරම දුම්රිය ස්ථානයේදී අත් අඩංගුවට ගෙන ආපසු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන විත් පීසී පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව මන්නාරම දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කොට තිබේ.
පීආර්සී පරීක්ෂණයෙන් ඔහුට ස්ථිර වශයෙන්ම කොරෝනා රෝගය වැළදී ඇත්දැයි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ වී නොමැත.