නිරිතදිග මෝසම සක්‍රිය වෙයි – වැසි තවදුරටත්

තුෂාරී කළුබෝවිල 

නිරිතදිග මෝසම ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයිනට බලපා ඇති වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ වාර්ෂික වර්ෂාපතනයෙන් සියයට 30 ක් ලැබෙනුයේ නිරිතදිග මෝසමෙනි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල ද කලුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ද බොහෝ ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති වේ.
සවස් කාලයේදී නැගෙනහිර හා ඌව පළාත්වල ද වැසි ඇති වන බව පැවසේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැසි සමග අකුණු අනතුරු ද ඇති විය හැකි බව ද අවධාරණය කෙරේ.

Exit mobile version