නැවෙන් කාන්දුවන තෙල් ඉවත් කරන්න පේරාදෙණි සරසවියෙන් සුපිරි තාක්ෂණයක් සොයා ගනී…

තෙල් උරාගන්නා මිනිරන් කොට්ටයක් හදලා... ජලයේ පාවෙන තෙල් උරාගත් පසු නැවත භාවිත කළ හැකියි..

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විසිරි යන තෙල් පරිසර හානියක් සිදුවිමට පෙර එක්කිරීම සඳහාවන විද්‍යාත්මක ක්‍රමයක් සොයා ගැනිමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහ හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහාචාරයවරු කණ්ඩායමක් සමත්ව ඇතැයි පේරාදෙණිය විශ්ව විදයාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක පවසයි.

බෝගල පතලේ විශේෂ මිනිරන් වර්ගයක් උපයෝගී කරගනිමින් සකස් කළ මෙම නිර්මාණය උපයෝගි කර ගෙන මුහුදු ජලයට එක්වී ඇති තෙල් එක්කාසු කර ගත හැකි බව ඔවුහු පර්යේෂණ මගින් සනාථ තරති. ඒ සදහා වන පේටන්ට් බලපත්‍රය ද හිමි ව ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට බව උපකුලපතිවරයා කියා සිටියේය.

OIL
රසායනාගාරය තුළ පර්යේෂණය තහවුරු කරමින්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විසිරි ඇති තෙල් එක්රැස් කිරීම සඳාහා නිර්මිත මිනිරන් සහිත මෙට්ටය හෙට හො අනිද්දා නැව අසලට ගෙනගොස් තෙල් එක් කරනබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ කීය.

මෙට්ටයක හැඩැති මෙම නිර්මාණය සකස්කර ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහචාර්ය අමරසේන පිටවල, මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහචාර්ය ටී.ආර්.ඒ කුමාර යන විද්වතුන් විසිනි.

මෙම විද්වත් මඩුල්ල නැව ගිනි ගත් මොහොතේ සිට සිදුකළ පර්යේෂණ ඔස්සේ මෙම සොයා ගැනීම සිදුකර තිබේ.

මිනිරන් ග්රෑම් එකකට තෙල් ග්රෑම් එකසිය විස්සක් (120) ක් උරා ගැනීමට හැකි බවත් මෙම මිනිරන් විශේෂය හා තවත් ද්‍රව්‍යය භාවිත කර මෙට්ටයක් ආකාරයට සකස්කර මුහුදට දැමූ විට ජලයේ ඇති තෙල් සියල්ල ඊට උරා ගන්නා බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ කීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය, මූලික අධ්‍යයන ආයතනය, බෝගල පතල හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය ඒකාබද්ධව මෙම නැවෙන් කාන්දුවී විසිරී යන තෙල් එකතු කිරීම සඳහා අවශ්‍යය මෙට්ට විශේෂය සකස් කර ඇතිබවද කීය. තාක්ෂණය ඇතුළු සියලු කටයුතු කිසිදු මුදලක් අය නොකර ලබා දීමට තීරණය කර තිබෙන බවත් මහචාර්ය රාජපක්ෂ පැවසුවේය. මින්රන් වලට උරා ගන්නා තෙල් ඒවායින් පිටතට ගෙන යළි ප්‍රයෝජනයට ගතහැකි බවද ඔහු කීය.

මුහුදු ජලයට එකතු වන ජලය එලෙස ඉවත් කර ගැනීමට කටයුතු කරත්දී නැවේ ඉතිරි වී තිබෙන තෙල් මුහුදට එක්වීමට නොදී තවත් නැවකට මාරුකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධවද මේ වන විට අධ්‍යයන්‍යය කරමින් සිටින්නේ යැයි ද මහචාර්යවරයා පැවසුවේය.

නැවෙන් තෙල් ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ සඳහා පැමිණ තිබෙන ඇමරිකානු විශේෂඥවරයෙකුගේ සහයද මෙම වැඩපිළිවෙළ සඳහා ලැබී තිබෙන බව හෙතම කීය.

Exit mobile version