නැවතුණු කැලණිතිස්ස බලාගාර දෙකට දින දෙකකට සෑහෙන්න තෙල් දෙයි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ දැනට ඉන්ධන නොමැතිව අක්‍රිය කර ඇති බලාගාර දෙක සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් අද දිනය තුළ වහාම නිදහස් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. මේ අනුව දිනයේදී මෙම බලගාර දෙක ක්‍රියාත්මක කරවීමෙන් ජාතික පද්ධතියට මෙගවොට් 300 ක විදුලිය ධාරිතාවක් අද යළි එක් කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව ලැබුණු ඉන්ධන ප්‍රමාණය මත දින දෙකක් සඳහා පමණත් ප්‍රමාණවත් වන අතර ඉදිරි දින දෙක තුළ අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබා දීමටද හැකියාවක් පවතින බව ප්‍රකශහ කළ විදුලිය බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඒ පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගෙන මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ඇති බවද පැවසීය. කෙසේ වුවද විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් සංසථාව වෙත පවතින ණය ඩොලර් ගෙවා ඉන්ධන ලබා ගන්නා ලෙස දන්වා ඇති අතර පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මෙම ගෙවීම් සිදු කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද මෙම ජ්‍යෙෂඨ නිලධාරියා ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මේ වනවිට රටේ වැසි ලැබීමේ අඩුවක් පවතින අතර මේ තත්ත්වය දිගටම පැවතුණහොත් ජල විදුලිය උත්පාදන ධාරිතාව පහළ වැටිය හැකි බවත් එවැනි තත්ත්වයක් නිර්මාණය වුවහොත් දැනට වඩා වැඩි කාලයක් විදුලිය කැපීමකට ලක්වීමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය.


Exit mobile version