නාවික හමුදාව එක්කෝටි දස ලක්ෂයක කේරල ගංජා ගිනි තබයි…

දිනසේන රතුගමගේ

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව, මනල්කාඩු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් කේරළ ගංජා  කිලෝ 38 ග්‍රෑම් 450  ක ප්‍රමාණයක් ඊයේ ( 7 ) දා ගිනි තබා විනාශ කොට දැමීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ

උතුරු නාවික විධානය මඟින් හතරවන වේග ප්‍රහාරක බලගණයට අයත් පී 480 වේග ප්‍රහාරක මුර යාත්‍රාව සහ පී 053 යන වෙරළබඩ මුර යාත්‍රාව යොදවා පේදුරුතුඩුව, මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ  දියත් කරන ලද මෙහෙයුමකදී මෙම කේරළ ගංජා ප්‍රමාණය අත් අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ  වටිනාකම රුපියල් මිලියන 11කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ගිනි තබා විනාශ කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.

Exit mobile version