නාවලපිටිය පක්ෂ විපක්ෂ දේශපාලකයන්ගේ තුට්ටු දෙකේ ගුටි කෙළිය…

කීර්ති ප්‍රනාන්දු

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනයේ ඉදිකරන ඇවිදින මං තීරුවක් පිළිබඳව සොයා බැලීමට අද 12 පැමිණි නාවල නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබේ.

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ රුපියල් කෝටි දෙකක් වියදමින් ඉදිවන ඇවිදින මංතිරුව සම්බන්ධයෙන් සොයා බැලිමට නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති , ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව සහ නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනකු සහ ආධාරකරුවන් පිරිසක් ක්‍රීඩාංගනය වෙත පැමිණ ඇති අතර එහිදී නගර සභාව විසින් ක්‍රීඩාපිටියේ ගේට්ටු වසා තිබී ඇත.

මේ අතරතුර එම ස්ථානයට පැමිණි නාවලපිටිය  නගර සභාවේ වත්මන් සභාපති අමල් ප්‍රියංකර   සහ නාගරික මන්ත්‍රිවරුන් සහ ආධාරකරුවන් පිරිසක්    එහි රැඳී සිටි විපක්ෂයේ පිරිස සමග ගැටුමක් ඇති කරගෙන තිබේ. පසුව මෙම ගැටුම ගුටිබැට හුවමාරුවක් තෙක් දිග්ගැස්සී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධීය පිළිබඳව දෙපාර්ශ්වය විසින්ම නාවලපිටිය පොලීසියට පැමිණිලි කර ඇති අතර ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි නාවලපිටිය පොලීසිය පවසයි.

Exit mobile version