නාමල් පාසලේ සෑම පීරියඩ් එකකින්ම විනාඩි 2 බැගින් ඉල්ලයි

පාසල් කාල සීමාව තුළ විවේක කාලය අවම වශයෙන් තවත් විනාඩි 15 කින් වැඩි කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යෝජනා කරයි.

රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා ළමුන්ට අධ්‍යාපනය හා ක්‍රීඩා යන දෙකම සමතුලිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අදහස් දැක්වීය.

රටට බුද්ධිමය ක්‍රීඩකයින්ගේ හිඟය ගැන ඔහු අවධාරණය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මෙම අමතර කාලය භූමියේ ගත කිරීමට දරුවන්ට හැකි වන පරිදි පාසල් විවේක කාල සීමාව අවම වශයෙන් තවත් මිනිත්තු 15 කින් දීර්ඝ කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙස මම අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනා කළා. වෙනත් විෂයන් ඉගැන්වීම් කාලයෙන් මිනිත්තු 2 බැගින් වෙන් කිරීමෙන් මෙය කළ හැකි‍‍‍‍‍” බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version