නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සඳුදා…

parliament of sri lanka

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන සඳුදා දිවුරුම් දීමට කටයුතු කරන බව  විශ්වාසකටයුතු ආරංචි මාර්ග කියයි.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසු  ඇමති මණ්ඩලය දිවුරුම්දීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, ලබන ඉරිදා වන විට එම කටයුතු අවසන් කර සඳුදා දිනයේ   දිවුරුම් දීම සිදුවන බවත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

ඇමති මණ්ඩලය 15 -20 අතර ප්‍රමාණයකින් සමන්විත වන බවත් ජනාධිපතිවරයා අමාත්‍ය ධුර  භාර නොගන්නා බවත් එම ප්‍රකාශකයා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ඇමති මණ්ඩලයේ කැබිනට් අමාත්‍ය ධුරයක් වතුකරය නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන් වෙත ලබා දීමට සැලසුම් කර ඇතැයි පැවසේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව සමගි ජන බලවේගයේ සහ පොදු ජන පෙරමුණේ පිරිසක් අමාත්‍ය ධුර දරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියයි.  එහෙත් සමගි ජන බලවේගය පවසන්නේ තමන්ගේ එවැනි සූදානමක් නැති බවය. පොදු ජන පෙරමුණ ද මේ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් ඇතැයි පවසයි.

Exit mobile version