නව කෘෂිකර්ම ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ.ජයසිංහ

Udith-K.-Jayasinghe-

වයඹ විශ්ව විද්‍යාලයේ  උප කුලපති කෘෂිකර්මය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ.විජේසිංහ කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (06) පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද නාවලපිටියේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අමාත්‍යංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර ඔහුගේ පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්විමේ ලිපිය තමන්ට භාරදුන් බවත් හිටපු ලේකම්වරයා අස්වීමට වෙනත් කිසිදු හේතුවක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැන් කෘෂිකර්ම අමාත්‍යංශයට අවශ්‍ය වන්නේ කාබනික විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙක් බවත් නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ  උප කුලපතිවරයාව  පත් කිරිමට තිරණය කළේ ඒ නිසා බවත් ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

Exit mobile version